ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ශිරාණි බණ්ඩාරනායකට රට යන්න ඉඩ දෙනු එපා!

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට රටින් පිටව යාමට අවසර ලබා නොදෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මි ජයවර්ධන මහත්මිය පවසයි.

හිටපු අගවිනිසුරුවරියගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනුව ඇය දෙවතාවක් අල්ලස් කොමිසම හමුවේ මේවන විට පෙනී සිට ඇත.

පසුගිය මාර්තු මස 18 වැනිදාත් අප්‍රේල් මස 01 වැනිදාත් ඇය ඒ අනුව
අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියාය.

ඒ අනුව ඇයගෙන් අල්ලස් කොමිසම තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඇයට රටින් පිටව යාමට අවසර නොදෙන ලෙස අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මෙම ඉල්ලීම කර ඇත.

Posted in:

0 comments for "ශිරාණි බණ්ඩාරනායකට රට යන්න ඉඩ දෙනු එපා!"

Leave a reply