මවගේ ඝාතනයට වරද පිළිගත් පුතුට බරපතළ වැඩ ඇතිව වසර 8 ක සිරදඬුවමක්
.jpg)
බඳින තුවක්‌කුවක් පත්තු කර තම මවගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් කෑගල්ල මහාධිකරණයේදී වරද පිළිගෙන සමාව අයෑදි චුදිත විත්තිකාර බාල පුතුට බරපතළ වැඩ සහිත වසර 8 ක සිරදඬුවමක් පසුගිය 29 දා කෑගල්ල පළාත් බද මහාධිකරණයේ විනිසුරු මේනකා විඡේසුන්දර විනිසුරුවරිය නියෝග කළාය.
මෙසේ දඬුවමට යටත් කරනු ලැබුවේ කිතුල්ගල පොලිස් වසමේ මිරිස්‌වලතැන්න පදිංචි බුළුගොඩවත්ත ගමරාලලාගේ උපුල් චන්ද්‍රසිරි නම් අවිවාහකයෙකි.
කිතුල්ගල පොලිස් වසමේ කිතුල්ගල -මිරිස්‌වලතැන්න ප්‍රදේශයේදී මීට වසර 13 කට පෙර 1999.08.28 දින රාත්‍රි සිදු වූ බව කියන මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ගමේ පදිංචි උඩුමල්වත්ත ගමරාලලාගේ ප්‍රෙඇමාවතී නම් 58 හැවිරිදි සිව්දරු මවකි.
මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකාරිය වූ මියගිය අයගේ
වැඩිමහල් දියණිය හා චුදිත විත්තිකරුගේ වැඩිමහල් සහෝදරිය වන බී.ජී. චන්ද්‍රඩ්වතී නමැත්තිය (38) කිතුල්ගල පොලිස්සියට ලබාදුන් ප්‍රකාශයක සිද්ධිය මෙසේ විස්‌තර කර තිබිණි.
මගේ පවුලේ බාලම මල්ලී උපුල් චන්ද්‍රසිරි (විත්තිකරු) ඔහුට ඒ වන විට වයස 24 ක් පමණ ඇති. ඔහුට ස්‌ථීර රැකියාවක් තිබුණේ නෑ. ඔහු දෙමාපියන් පදිංචි නිවසේ ජීවත් වුණා. නිතර නිතර මිල මුදල් ඉල්ලා අම්මා සමග රණ්‌ඩු වුණා.
සිද්ධිය වූ 1999.8.28 දින රාත්‍රි 9.30 ට පමණ මම මගේ දරුවන් තිදෙනා සමග නිවසේ නිදාගෙන සිටියා. කුප්පිලාම්පුව දැල්වෙමින් තිබුණා. සැමියා ගමේ මළ ගෙදරක ගිහින් සිටි නිසා ගෙයි දොර ඇතුළෙන් අගුල් දමා තිබුණේ නෑ. උපුල් චන්ද්‍රසිරි මල්ලි මත්පැන් බී වෙරි මතින් යකඩ බටයක් වගේ දෙයක් රැගෙන මගේ ගෙයි දොර ඇරගෙන ඇතුළු වුණා. ඔහු මට ඒ යකඩ බටය පෙන්වා මේක තුවක්‌කුවක්. ඕනේ නම් මෙහෙම තියල වෙඩි තියන්න පුළුවන් කීවා. කුප්පිලාම්පු එළියට මට එය පැහැදිලිව පෙනුනෙ නෑ. නින්ද ගොස් නොසිටි මගේ ලොකු දුව "තුෂාර සඳමාලි" මේ කතාව අහගෙන හිටියා. උපුල් මාමේ ඕකත් අරගෙන යන්න කියලා ඇය කෑ ගැසුවා. මමත් ඔහුට යන්න කියා කී විට ඔහු අපේ ගෙයි දොර වසාගෙන යන්න ගියා.
විනාඩි පහක් දහයක් ගියාට පසුව වෙඩි ශබ්දයක් ඇහුණා. මමත් දුවත් මිදුලට බැහැලා බලන විට අම්මා කැගහන හඬ ඇසුණා. ඒ ගේ තිබුණේ අපේ ගෙදරට ඉදිරියෙන්. මමත් දුවත් හඳ එළියෙන් එහාට ගිහින් අම්මා ගල්පොත්ත උඩට උස්‌සාගෙන ආවා. ඇගේ ඇඟෙන් තෙතට ලේ වගේ දෙයක් ගලමින් තිබුණා. මම කෑගහන විට අහල පහල අයත් ආවා. අම්මා කිතුල්ගල දිසා රෝහලට ගෙන ගියා. ඇය එහිදී මියගිය බව දැන ගත්තා.
පසුදින මෙම සාක්‌ෂිකාරිය විසින්ම කිතුල්ගල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විත්තිකරු අත්අඩංගුවට ගත් පසු ඔහුගේ මග පෙන්වීම මත එම මරණයට යොදාගත් බඳින තුවක්‌කුව අක්‌කා වන චන්ද්‍රඩ්වතිගේ ගෙවත්තේ කෙසෙල් පඳුරක සඟවා තිබී සොයා ගත් බව එවකට කිතුල්ගල පොලිස් ස්‌ථානාධිපතිව සිටි පො.ප. සමන් පෙරේරා මහතා විසින් අධිකරණය වෙත ගොනු කළ තවත් වාර්තාවක සටහන් වී තිබුණි.
විත්තිකරු වෙනුවෙන් කෑගල්ල මහාධිකරණයේ පෙනී සිටි නීතිඥ ආනන්ද කුමාරසිංහ මහතා-
විත්තිකරු කුඩා කල පටන් මත්පැන් බීමට ඇබ්බැහි වූ කෙනෙක්. මේ සිද්ධිය වන විට ඔහු වයස 24 ක තරුණයෙක්‌ව සිටියා. මීට වසර 13 කට පෙර සිදු වූ මෙම කනගාටුදායක සිද්ධිය ගැන ඔහු අද වරද පිළිගෙන පසුතැවෙමින් සිටිනවා. ඔහු මේ වන විට වසර 8 ක් රක්‌ෂිත බන්ධනාගාරගතව ගෙවා තිබෙනවා. එයත් සැලකිල්ලට ගෙන ඔහුට යම් සහනදායි දඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා යෑයිද පැවැසීය.
නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ෂෙහාන්ද සිල්වා මහතා අධිකරණය අමතමින්
මගේ දැනුම පදනම් කරගහ මෙම සිද්ධිය මිනී මැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙස සඳහන් කරනවා. සිද්ධිය ඇසින් දුටු සාක්‌ෂි නැතත් වෙඩි ශබ්දය ඇසුණු බවත් තම මවට වෙඩි වැදී තිබුණු බවත් විත්තිකරුගේ සහෝදරිය වන පැමිණිල්ලේ පළමු සාක්‌ෂිකාරිය ගෙන් පැවසෙනවා.
දැඩි බීමත්කමට ඇබ්බැහි වූ අයෙක් ලෙස තම මවට වෙඩි තබා විත්තිකරු ආනන්තරිය පාපකර්මයක් සිදුකරගෙන තිබෙනවා. මෙහි තිබෙන බරපතළකම වචනයෙන් විස්‌තර කරන්න බෑ. එම නිසා සිද්ධියට සාධාරණ වූ සමාජයේ සෙසු අයටද දැනෙන පරිදි ඉතා දැඩි දඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා යෑයිද පැවැසීය.
නීතිඥවරුන්ගෙ දේශනවලට සවන්දුන් කෑගල්ල පළාත් බද මහාධිකරණයේ මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මහත්මිය චෝදිත විත්තිකරුට වසර 8 ක බරපතළ වැඩ සහිත සිරදඬුමක් නියම කළාය.
දිවයින -
0 comments for "මවගේ ඝාතනයට වරද පිළිගත් පුතුට බරපතළ වැඩ ඇතිව වසර 8 ක සිරදඬුවමක්"
Leave a reply