ගිරිගෝරිස් මුත්තාගේ ප්‍රේතාත්මය රවටන්නට ගොස් සිදුවුණු විපත
හලාවත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික රාජ්‍ය සේවකයකු වූ හැට හැවිරිදි චන්ද්‍රසේන විවාහකයෙකි. දූ දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔහු දැඩි අසනීප ගතියකින් පෙළෙන්නට විය. නින්දෙන් ගැස්සී ඇහැරෙන්නට විය. බත් හැළියට වැලි මිශ්‍ර විය. බිත්තිවල අසූචි තැවරී දුගඳ හමන්නට විය. සාලය මැද මුත්‍රා ගලන්නට විය. රාත්‍රියට නිවෙසේ යමෙකු ඇවිදින අඩි සද්ද ඇහෙන්නට විය. රාත්‍රි කළුවරේ අල්මාරි අරින සද්ද, බඩු මුට්ටු පෙරළන, අදින සද්ද ඇහෙන්නට විය. ඒ අතර කළු පැහැති මිටි මිනිහෙකු කොන්ද නමාගෙන නිවෙසේ එහා මෙහා ගමන් කරන අයුරු නිවැසියන්ට පෙනෙන්නට විය.
ඇදුරන් ගෙන්වා තොවිල් ගණනාවක් කළද ඒ ශාන්තිකර්මවලින් මාසයක් පමණ ගතවන විට කලින් තිබුණු තත්ත්වය දෙගුණ තෙගුණ වූවා මිස දුක් කරදරවල නිමාවක් නොවීය. ඉරිදා 'මව්බිම' පත්‍රයේ "මළවුන්ගේ හෝරාව" කියවන ඥාතියකුගේ උපදෙස් පරිදි චන්ද්‍රසේන සිය බිරිය හා දරුවන් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණ ආධ්‍යාත්මික උපදේශක කසුන්
නාගොඩ විතාන මහතා මුණගැසුණේය.
පළමුවැනි ගවේෂණ අවස්ථාවේ චන්ද්‍රසේන ගැස්සී වෙවුලා වැටුණේය. ඔහු කායිකවත්, මානසිකවත් දුර්වලව සිටි බැවින් ගමේ පන්සලේදී බෝධි පූජා විසි එකක් පවත්වා නැවැත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන්කොට සති තුනකින් ඔහු නැවැත පැමිණියේය. එදා ද චන්ද්‍රසේන දිෂ්ටි ගැන්වී ප්‍රලය වූයේය. නාගොඩවිතාන මහතා ප්‍රශ්න කළේය.
"කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නේ?"
"මම ගිරිගෝරිස් මුත්තා."
"කවුද ගිරිගෝරිස් මුත්තාය කියන්නේ?"
"මම මේ වත්තේ අයිතිකාරයා."
"මොන වත්තේද?"
"මේ චන්ද්‍රසේන පදිංචි වත්තේ. මේ පොල් වත්තේ."
"තමුන් මේ වත්තට සම්බන්ධ වුණේ කොහොමද?"
"මේ පොල් වත්ත මගේ. අක්කර තිහක පොල් වත්ත මම වෙහෙස මහන්සි වෙලා වගා කරපු පොල් ඉඩම."
"ඔව් ඉතින්?"
"මගේ කාලකණ්ණි පුතා මගේ පොල් ඉඩම වික්කා. මේ ඉඩමෙන් අක්කර විසි පහක්ම වික්කා. දැන් තියෙන්නේ අක්කර තුනයි."
"කවුද ඔය කාලකණ්ණි පුතා.?"
"මේ චන්ද්‍රසේනගේ අප්පා."
"ඒ පුතා මොනවද කළේ?"
"කාලකණ්ණියා මතක් කරන්න එපා. උෟ බේබදුකමටයි, සූදුවටයි ඇබ්බැහි වෙලා හැම දෙයක්ම නාස්ති කළා."
"ගිරිගෝරිස් මුත්තා කොයි කාලෙද මැරුණේ?"
"1940"
"ඔය ගිරිගෝරිස් මුත්තත් එක්ක ඉන්න අනෙක් දෙන්නා කවුද?"
"ඒ මගේ ළඟ වැඩ කරපු දෙන්නෙක්. උන් දෙන්නත් මැරිලා මගේ ළඟට ආවා."
"කොයි කාලෙ ඉඳලද තමුන් ඔය ඉඩමෙ ඉන්නේ?"
"මැරුණු දවසෙ ඉඳලා. මැරෙන කොටම හිතුණා මේවා බලා කියා ගන්නේ කවුද කියලා. එතකොටම මෙතැනම උපන්නා."
"ඇයි මේ ගෙදර අය බය කරන්නේ?"
"ඒ මම නෙවෙයි. අනෙක් දෙන්නා. උන් මගේ සේවකයෝ. මේ ගෙදර එවුන් මස්,මාළු, බිත්තර, කරවල බැදගෙන කනවා. අපට දෙන්නේ නෑ. මගේ දේපොළ බුක්ති විඳිනවා. දානයක් දීලා අපට පින් දෙන්නෙත් නෑ. ඉතින් බය නොකර පුළුවන්ද?"
"මේ අය ගෙදරින් පන්නා දමන්න බැරිද?"
"බෑ... බෑ.... එහෙම කරන්න බෑ. මගේම දරුවොනෙ . බය කරගෙන තියාගන්නවා. ඒත් මුන්ට දානයක් දෙන්න හිතෙන්නේ නෑ. එහෙම දේකට මුන්ට උපදෙස් දෙන්න. ඒ උදව්ව ඉල්ලාගෙනයි මම ආවේ."
"ඔව්, උදවු කරන්න පුළුවන්. හැබැයි ගෝලයො දෙන්නාට කියන්න කරදර නොකර ඉන්න කියලා. නැත්නම් ඒ දෙන්නව පන්නා දානවා කියන්න."
නැවතත් බෝධි පූජා විසි එකක් පවත්වා පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. එසේ බෝධි පූජා පවත්වන විට බත් හැළියට වැලි දැමීම හා සද්ද බද්ද නතර වී ගියේය.
එදිනද චන්ද්‍රසේනගේ ශරීරයට මුත්තා ආවිෂ්ට වූයේය.
"ගිරිගෝරිස් මුත්තා මැරිලා කොච්චර කල් වෙනවද?"
"දැන් අවුරුදු හැත්තෑවක් විතර වෙනවා. මම මේ ගම් පළාතේ සිටුවරයෙක් වගේ ජීවත් වුණේ."
"අන්න බලන්න. එදා සිටුවරයෙක් වගේ කොයි තරම් වැදගත් විදියට හිටපු කෙනෙක් මොකද මේ අසූචි මුත්‍රා ගොඩක. ලජ්ජා නැද්ද? කුණු කරවල කකා ඉන්නේ?"
"ඒක තමයි දැන් මටත් ලජ්ජා හිතෙනවා."
"හොඳ තැනකට යන්න කැමැතිද?"
"කොතැනටද?"
"ශ්‍රී මහා බෝධිය ළඟට"
"මට මතකයි මම ඉස්සරත් ගිහින් තියෙනවා. මමත් කැමැතියි යන්න."
"මොනවද වුවමනා?"
"මෙච්චර කාලයක් මගේ දේපොළ කෑවානෙ. දානයක්වත් නොදී, දානයක් දෙන්න කියන්න."
"කාටද?"
"හාමුදුරුවරු පනස් නමකට, අටපිරිකර පනහකුත් පූජා කරන්න කියන්න. එතකොට ඒ පින් අරගෙන මම යන්නම්."
"ගෝලයෝ දෙන්නා?"
"උන් දෙන්නත් අරගෙනම යන්නම්."
එසේ ස්වාමින් වහන්සේ පනස් නමකට දන් පිරිනමා ගිරිගෝරිස් මුත්තාටත්, සේවකයන් දෙදෙනාටත් පින් අනුමෝදන් කර නැවැත පැමිණෙන ලෙස චන්ද්‍රසේනටත් පවුලේ අයටත් උපදෙස් දුන්නේය.
ඒ දානයෙන් දින දෙකකට පසු නැවැතත් චන්ද්‍රසේන හා බිරිය නාගොඩවිතාන මහතා සොයාගෙන පැමිණියහ. "කෝ මහත්තයා. මහත්තයාගේ උපදෙස්වලට අපි වැඩ කළා.... ආයෙත් ගෙදර කරදර ඉස්සරටත් වඩා තියෙනවා" යි නෝක්කාඩු ස්වරූපයෙන් ඔවුහු පැවැසූහ.
ඒ සමඟම චන්ද්‍රසේනගේ ශරීරයට මුත්තාගේ භූතාත්මය ආවිෂ්ට විය.
"හෙ--..... හෙ--.... හේ...."යි සිනාවෙන්නට විය.
"කවුද මේ මුත්තා නේද?"
"ඔව්.... ඔව්.... හෙ--... හෙ--.... හේ...."
"ඇයි මේ යනවැයි කියලා ගිහින් බොරු කළේ?"
"මමද බොරු කළේ..?"
"එහෙනම් වෙන කවුද?"
"මම නෙවෙයි බොරු කළේ. මෙන්න මුන් තමයි බොරු කළේ. එදා මම පනස් නමකට දානයක් දෙන්න කීවාම පොරොන්දු වෙලා ගිහින් මුන් තමයි බොරු කළේ. තාත්තේ ඔය එක එක්කෙනා කී පළියට වියදම් කරන්න ඕනෑ නෑ කියලා මුගේ ළමයි කීවම මුන් විසි නමකටයි දානය දුන්නේ. ඉතින් අපි ගියේ නෑ" යි ප්‍රේත ජීවියා කීවේය.
"ඇයි මේ බොරු කරන්නේ? මාව රවට්ටන්න හදන්න එපා. ඔයගොල්ලොම තමයි රැවටෙන්නේ. අනෙක් එක මළවුන්ගේ දේපොළ කකා මළවුන් රවට්ටන්න හදන්න එපා. මළවුන් රැවටෙන්නෙත් නෑ. ඇයි එහෙම කළේ" යි නාගොඩවිතාන මහතා චන්ද්‍රසේනගේ බිරියගෙන් ඇසීය.
"අපට සල්ලි නෑ මහත්තයා. අනිත් එක අපට හාමුරුදුවරු හොයා ගන්නත් බැරි වුණා" යි ඇය බිම බලාගෙන කීවාය.
"කරුණාකර බොරු කියන්න එපා. ඔය ගොල්ලෝ මුත්තාගේ දේපොළ භුක්ති විඳිනවා නම් උන්දෑ මළ දවසේ පටන් බුක්ති වින්දානම් මුත්තා වෙනුවෙන් දානයක් දුන්නෙත් නැත්නම් දැන් මුත්තා ඉල්ලන දේ දෙන්න ඕනෑ. මුත්තාට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා එයා ඉල්ලන දේ නොදුන්නොත් තවත් වැඩ දුරදිග යාවි. භූතයන් රවට්ටන්න බෑ" යි නාගොඩවිතාන මහතා විස්තර කරදුන්නේය.
"හෙ--.... හෙ--.......... හෙ--....... ඒක තමයි. ඒක තමයි" ප්‍රේත ජීවියා හිනාවෙන්නට විය.
චන්ද්‍රසේනගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කොට ඔහුට ද මේ විස්තරය කළේය.
නැවත පනස් නමකට දානයක් දෙන බවට පොරොන්දු වී දානය පිරිනමා නැවැත එන බවද පවසා දෙදෙනා සමුගනිද්දී "මට කලින්ම වැටහුණා ඔය ගොල්ලෝ බොරු කරන බව. ඒකයි දානය දෙනතුරු මම භූතාත්මය ඉවත් නොකළේ" යි පැවැසූ නාගොඩවිතාන මහතා "දානය පිරිනමා එන්නැ" යි කීවේය.
මාසයකින් පමණ චන්ද්‍රසේන සහ බිරිය නැවත පැමිණියහ. හාමුදුරුවරු පනස් නමක් සොයා ගැනීම අසීරු වූ බැවින් අනුරාධපුරයට ගොස් හාමුරුදුවරු පනස් නමක් සොයාගෙන අට පිරිකර පනහක් සහිතව සංඝගත දක්ෂිණාවක් පිරිනැමූ බව පැවැසූහ.
නැවත චන්ද්‍රසේන දිෂ්ටි ගැන්වීය.
"හරි මහත්තයා හරි. චන්ද්‍රසේන අනුරාධපුරයට ගිහින් දානය බොහොම හොඳට කළා. ඒ ගමන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න යන කොට මමත් මගේ ගෝලයෝ දෙන්නත් ගියා. මම උන් දෙන්නත් එක්ක මේ දැන් පිටත් වෙන්න වුණත් සූදානම්" යැයි ප්‍රේත ජීවියා කීවේය.
පූජා වට්ටියක් ගෙන්වා භූතාත්ම ඊට සම්බන්ධකොට අනුරාධපුරයට යැවීය. චන්ද්‍රසේනටත් නිවෙසටත් ආධ්‍යාත්මීය ආරක්ෂාවක්ද යෙදීය.
මතුගම - මහින්ද විජේතිලක

0 comments for "ගිරිගෝරිස් මුත්තාගේ ප්‍රේතාත්මය රවටන්නට ගොස් සිදුවුණු විපත"
Leave a reply