ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ප්‍රියංකාට උන්මාදයක්


මෑතකදී අලුත්ම චිත්‍රපටයක රූපගත කිරිම් සිදුවුණා. චිත්‍රපටයේ නම ‘ගුන්ඩේ'. අධ්‍යක්ෂණය කරන්නේ, බොලිවුඩ් සිනමාවට අලුතින් එකතු වූ අධ්‍යක්ෂවරයෙක්. රඟපාන්නේ ප්‍රියංකා චොප්රා, රන්වීර් සිං සහ අර්ජුන් කපූර්.

චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරැඹුණු මුල්ම දවසේ දර්ශන තලයට පැමිණියේ ප්‍රියංකා, රන්වීර් සහ අර්ජුන්. “රන්වීර් සහ අර්ජුන් මේ වන විට රඟපා තිබෙන්නේ චිත්‍රපට දෙකක පමණයි.” රූපගත කිරීම් ආරම්භ කරන්නට කලින් කවුරුන්දෝ මේ බවක් පවසනු ප්‍රියංකාට ඇසුණා. එතැනින් පසුව ඇයගේ ස්වභාවය වෙනස් වුණා. ඇය දර්ශන තලයේ එහා මෙහා ඇවිදිමින් මෙලෙස කියන්න පටන් ගත්තා... “මේ ගොල්ලො තාම චිත්‍රපට දෙකකලු රඟපාල තියෙන්නෙ. මම එහෙම ද? මම දැන් චිත්‍රපට 30 ක රඟපාල තියෙනවා. මම තමයි, මේ චිත්‍රපටයෙ ඉන්න පළපුරුදු ජ්‍යෙෂ්ඨම නිළිය.” ප්‍රියංකා මේ ආඩම්බර කතාව පවසමින් ‘මොනර රැඟුමක්’ පෑවා.

ඇයගේ මේ ‘විකාර රූපී’ රංගනය රන්වීර්ට, අර්ජුන්ට විතරක් නොවෙයි. අධ්‍යක්ෂවරයාටත් ඇල්ලුවේ නැහැ. රන්වීර් සහ අර්ජුන්, ප්‍රියංකාට ප්‍රතිචාර දැක්වූයේ ඇයව ගණන්
නොගැනීමෙන්.

‘ගුන්ඩේ’ චිත්‍රපටය වෙනුවෙන් මාධ්‍ය හමුවකට ද එක්වූ ප්‍රියංකා පැවසුවේ තමන් දැන් බොලිවුඩ් සිනමාව තුළ වසර 10 ක පමණ කාලයක් තිස්සේ රැඳී සිටින බවයි. “මම තමයි ‘ගුන්ඩේ’ චිත්‍රපටයේ සිටින පළපුරුදුම නිළිය. අධ්‍යක්ෂවරයාත් තාම අලුත්.” ප්‍රියංකා ඒ මාධ්‍ය හමුවේදී කතා කළේ චිත්‍රපටය ගැන නොවෙයි. තමන් ගැනයි. තමන් තුළ ඇති ‘ජ්‍යෙෂ්ඨත්වය’ ගැනයි.
මේ නිසා දැන් ප්‍රියංකා සමග කතාබහේ යෙදෙන්නට බොහෝ දෙනකු අකැමැතියි. ඇයගේ ජ්‍යෙෂ්ඨත්ව මේනියාව දැන් කාටත් වැටහිලා. එය මේ වන විට ඇතැම් අයගේ හාස්‍යයටත් ලක්වෙලා. ප්‍රියංකා එලෙස සිනහවට ලක්වෙද්දී චිත්‍රපට දෙකක පමණක් රඟපෑ රන්වීර් සහ අර්ජුන්ව දැකගන්නට විශාල රසික පිරිසක් ‘ගුන්ඩේ’ චිත්‍රපටය රූපගත කරන තැනට පැමිණ සිටි බවයි ආරංචි. ‘ජ්‍යෙෂ්ඨ නිළි උන්මාදයෙන්’ පෙළෙන ප්‍රියංකාට නම් එවැනි ප්‍රතිචාරයක් ලැබුණේ නැතිලු.


Posted in:

0 comments for "ප්‍රියංකාට උන්මාදයක්"

Leave a reply