අදත් ගිගුරුම් සහිත වැසි අකුණු වැඩියි ප්‍රවේශම්වන්න

දිවයින පුරාම අද (07) දිනයේත් ඕනෑම වෙලාවක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සමහර ස්ථානවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි යැයිද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය පැවසුවාය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු ඇතිවීමේ අවදානමක් මෙන්ම දැඩි සුළං ඇතිවිය හැකි යැයි පවසන කරුණාපාල මහත්මිය ඒ සම්බන්ධයෙන් වඩා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
බස්නාහිර පළාතට නිරිත දෙසින් සුළං හමන බවත් නැඟෙනහිර
පළාතට ගිනිකොණ දිශාවෙන් සුළං හමන බවත් ඒ මහත්මිය කීවාය.
පුත්තලම සිට ගාල්ල හරහා ත්‍රිකුණාමලය දක්වා ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සුළං වේගය වැඩි විය හැකි බවත් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30 - 40 පවතින එම තත්වය පැයට කිලෝමීටර් 50 - 60 දක්වා වැඩිවනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
ඊයේ (06) වැඩිම වර්ෂාපතනයක් කොළඹ වරායට පතිත වූ බවත් එම ප්‍රමාණය මිලිමීටර් 79.3 ක්ද කොළඹට මිලිමීටර් 72.3ක්ද කටුනායකට මිලිමීටර් 72.2 ක්ද කාලගුණ විද්‍යා දත්ත අනුව සඳහන් වේ.
ඊයේ (06) දිනයේ දිවයිනට බලපෑ ගිගුරුම් සහිත තද වැසි හේතුවෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ගමනාගමනයට බාධා ගෙනදී තිබුණි.
වැසි ජලය හේතුවෙන් වත්තල හා ගම්පහ ප්‍රදේශවල පවුල් 479ක පුද්ගලයින් 2212ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නිවාස ගංවතුර යටවීමෙන් එම ප්‍රදේශවල පවුල් 81ක පුද්ගලයන් 331ක් කඳවුරු 04ක තාවකාලිකව රඳවා ඇති බවත් ඔවුන් සඳහා සහන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු වෙමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් මහතා පැවසීය.
0 comments for "අදත් ගිගුරුම් සහිත වැසි අකුණු වැඩියි ප්‍රවේශම්වන්න"
Leave a reply