ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ගව ඝාතනයට විරෝධය පළ කරමින් හිමිනමක් සිරුරට ගිනි තබාගෙන

ගව ඝාතනයට විරෝධය පළ කරමින් මහනුවර දළඳා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිට බෝධිය අසලදී හිමිනමක් 24දා  උදෑසන සිරුරට ගිනි තබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

කහවත්ත ප‍්‍රදේශයේ විහාරස්ථානයක සිට පැමිණි බී.ඉන්දරතන නමැති එම හිමිනම මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබේ.
ගව ඝාතනයට විරෝධය පළ කරමින් මෙම හිමිනම මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා ප‍්‍රකාශ
කළේය.

මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. ජී. ඒ. දිසානායක මහතා පැවසුවේ උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබෙන බවයි.සිරුරට පෙට‍්‍රල් දමා ගැනීමෙන් පසුව උන්වහන්සේ මෙලෙස ගිනි තබාගෙන ඇත.

වැඩිදුර ප‍්‍රතිකාර සඳහා උන්වහන්සේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් කොළඹට රැගෙන ආ බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක එයාර් කොමදෝරු ශිරාෂ් ජල්ඞීන් කියා සිටි..

තමා ගව ඝාතනයට විරෝධය පළ කරන බව ගිනි තබා ගැනීමට සුළු වේලාවකට පෙර හිමිනම ප‍්‍රකාශ කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

Posted in:

0 comments for "ගව ඝාතනයට විරෝධය පළ කරමින් හිමිනමක් සිරුරට ගිනි තබාගෙන"

Leave a reply