ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මහා වැස්සෙන් කොළඔ යටවෙයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 2212 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වත්තල සහ ගම්පහ ප්‍රදේශවල සුළු ජල ගැලීම් තත්වත්යක් හටගෙන ඇති බව එම මධ්‍යස්ථානය කියයි. පොලිස් හදීසි ඇමතුම් ඒකකය සඳහන් ක‍ළේ වැලිකඩ, දෙහිවල, පෑලියගොඩ ඇතුළු ප්‍රදේශවල මාර්ග හා අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති බවය.
බොහෝ මාර්ගවල රථ වාහන ධාවනය මන්දගාමීව සිදුවන බව පොලිසිය සඳහන් කළේය.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල පවුල් 81ට අයත් පුද්ගලයින් 331 දෙනෙකු අවතැන් කදවුරු 04ක සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වර්ෂාවත් සමග තද සුළං තත්ත්වයන් ද ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා සඳහන් කළේය.

Posted in:

0 comments for "මහා වැස්සෙන් කොළඔ යටවෙයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි "

Leave a reply