sri e news

ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

'එක්තරා පවුලක බලගතු දියණියක් හිටිය මේ පසුපස' - ගල් අඟුරු ටෙන්ඩරය ගැන චම්පික හෙළි කරයි.......ටිරාන් අලස් කියන්නෙ ගොල්ෆේස් පිට්ටනියට ගෙනත් නඩු අහන්න ඕන ත්‍රස්තවාදියෙක්

ටෝරියන් කියන්නෙ මහින්දගේ පුතා චන්ද්‍රිකාවක් යවපු සමාගම

ගල් අඟුරු ජාවාරම පිළිබඳව අතීතයේ සිටම අප කළ අරගලය දරාගන්න බැරිව දූෂිත රාජපක්ෂ නඩය නොයෙක් නොයෙක් අවතාර විටින් විට එවන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (14) ගල් අඟුරු ටෙන්ඩරයක් පිළිබඳ මාධ්‍ය මගින් සිදු කරනු ලැබූ අසත්‍ය ප්‍රචාරණයකට සහ වාසුදේව මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලබාදීම වෙනුවෙන් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ය.

අපට මඩ ප්‍රහාර එල්ල කිරීමට වාසුදේව අවතාරය එවල තිබුණට ඒවා ඵලක් නොවන බවත් ඒ අය දේශපාලන වශයෙන් දැන් අවලංගු  වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද මේ මාධ්‍ය සාකච්ඡාව මා විසින් කැඳවූයේ ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් කරන ලද ප්‍රකාශයකුත්, ඊට ප්‍රථම සිලෝන් ටුඩේ පුවත්පත විසින් පළ කරන ලද ප්‍රවෘත්තියකිනුත් අපගේ කීර්ති නාමයට හානි කිරීමට ඉතාම නිර්ලජ්ජිත උත්සහයක් දරා තිබෙන නිසා.

වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරල තියෙනව, පසුගියදා ගල් අඟුරු ටෙන්ඩරයක් පිළිබඳව ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව එහි වග උත්තරකරුවා පාඨලී චම්පික රණවක බව. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ බොහොම පැහැදිළිව සඳහන් කර තිබෙනවා මෙම ප්‍රශ්න ගත ගල් අඟුරු ටෙන්ඩරය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරල තිබෙන්නේ 2015 සැප්තැම්බර් 22 බව. එසේ කැබිනට් මණ්ඩලය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කර තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගමන් කළේ.

2015 සැප්තැම්බර් 22 වනදා මම විදුලිබල ඇමති නෙමෙයි. ඒ බව හොඳින්ම දැනගෙන තමයි මේ වාසුදේව නානායක්කාර නොහොත් දූෂිත මහින්ද රාජපක්ෂ කල්ලියේ ප්‍රකාශකයෙන් මෙහෙම ප්‍රකාශ කරල තියෙන්නෙ. ඒ නිසා මාගේ නම සඳහන් කරමින් ප්‍රවෘත්ති පළ කළ සෑම මාධ්‍යයකින්ම මා ඉල්ලා සිටිනව මා ඒ අවස්ථාවේ විදුලිබල ඇමති නොවන නිසා ඒ සම්බන්ධව නිවැරදි කිරීමක් කරන්න කියල. එසේ නොකරන සෑම දෙනාටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නව වාසුදේව නානායක්කාරටත් එක්ක.

මෙහි තිබෙන වැදගත් අනෙක් කාරණය වන්නේ, කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලන ලද ටෙන්ඩරය, ඒ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වෙච්ච නිසාත්, ඒ අවස්ථාවේදී ප්‍රසම්පාදන අභියාචනා කමිටුවට ගිහින් තිබුණු නිසාත්, එය ජනාධිපතිතුමා යටතේ තිබෙන නිසාත් මා විසින් ජනාධිපතිතුමාට 2015 අගොස්තු 13 වන දා මේ පිළිබඳව ලිපියක් යොමු කළා. එය මාගේ ෆේස්බුක් පිටුවේ තියෙනව. මේක කියවන්නේ නැතිව තමයි මේ රාජපක්ෂ කල්ලිය සහ ගල් අඟුරු මාෆියාව මේ චෝදනාව මට එල්ල කරල තියෙන්නේ.

මෙහි පැහැදිළිව මම අවසාන කරුණු තුනෙන් කියල තියෙනව ඒ අවස්ථාවේ භාරකාර ආණ්ඩුවේ ඇමති ලෙස ප්‍රසම්පාදන අභියාචනා කමිටුවේ යෝජනාව හැටියට මේ ටෙන්ඩරය අහෝසි කරන්න කියල. මේක තමයි අද උපරිමාධිකරණය කියල තියෙන්නෙත්. මම මේකට වග උත්තරකරුවෙක් නම් මේක අහෝසි කරන්න කියල යෝජනා කරනවද?

මම කියල තියෙනව මේකෙන් කිසිම ගල් අඟුරු හිගයක් ඇති වෙන්නේ නෑ, ඒ වගේම ගල් අඟුරු ඉතිහාසයේ මාෆියාවේ ඉතිහාසය ගැන කෙටි හැඳින්වීමක් මම අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරල තියෙනව. ඒ නිසා මෙම කරුණු ඉතාම බලගතු ලිඛිත කරුණු. මෙම ඇමති ධුරයේ ඒ කාල සීමාව තුළ මම නොසිටිය බව කවුරුත් දන්නව. ඒ වගේම මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් මගේ අවසාන නිර්දේශය මෙම ටෙන්ඩරය අහෝසි කරල නැවත කැඳවන්න කියන එක. මේකම තමයි උපරිමාධිකරණය අවසාන වශයෙන් කියල තියෙන්නෙත්.

ඒ වගේම විගණකාධිපතිතුමාගේ වාර්තාව. විගණකාධිපතිතුමා බලශක්ති අමාත්‍යාංශයෙන් තොරතුරු කැඳවීමක් කරල තියෙනව. ඒ සඳහා එතුමා ලංකා කෝල් කම්පැනිය සම්බන්ධයෙන් යම් යම් නිර්දේශ ඉදිරිපත් කරල තියෙනව. ඒ කිසිම අවස්ථාවක ලංකා කෝල් කම්පැනිය අයිති බලශක්ති අමාත්‍යාංශයේ මම හිටියෙ නෑ. ඒක ඒ අමාත්‍යංශයට අයිති වගකීමක්. ඒක ගැන එතුමන්ලා ක්‍රියාකරනවා ඇති එයට පිළිතුරු දෙන්න.

එතුමා ප්‍රකාශ කරල තියෙනව සංසන්දනයක් ඉදිරිපත් කරල රුපියල් මිලියන 1803 ක සාපේක්ෂ පාඩුවක් සිදුවෙච්ච බව. ඒ ගණන් හිලව් පිළිබඳ තත්ත්වය කෙසේ වෙතත් ඔහු කියනව මේ ක්ෂණික ටෙන්ඩර් ක්‍රමය මවිසින් තමයි යෝජනා කළේ. එහි වගකීම මම භාරගන්නව. 2015 ජූලි 23 තමයි ඒක කැබිනට් මණ්ඩලය අනුමත කළේ. මේ ක්ෂණික ටෙන්ඩර් ක්‍රමය නිසා තමයි මේ ලාභය ඇති වුණේ කියල. එතකොට ලංකා විදුලිබල මණ්ඩලයටත් රටටත් බිලියන 1803 ක් මේ විගණකාධිපතිතුමාගේ පූර්ව නිරීක්ෂණයට අනුව ලාභයක් සිද්ධ වෙලා තියෙනව නම් ඒකට වගකියන්නේ පාඨලී චම්පික රණවක වන මමයි. ඒ නිසා අපි කිසිම අවස්ථාවක ලංකා විදුලි බල මණ්ඩලයට පාඩුවක් වන දේවල් කරල නෑ. කෝටි ගණන් ලාභ සිදුවන දේවල් තමයි ඉතිහාසය පුරාවට අපි කරල තියෙන්නෙ.

වටාපිටාවේ සිටින අය කවර චෝදනා එල්ල කළත් මෙම ගල් අඟුරු මාෆියාව බිඳ දමන්න අපි ගත්ත ක්‍රියාමාර්ගය නිසා තමයි ගල් අඟුරු ක්ෂේත්‍රයේ, ගල් අඟුරු ප්‍රසම්පාදනය විධිමත් ක්‍රියාවලියක් බවට පත් වුණේ. ඒ වගේම මේකෙ පූර්වයකුත් තියෙනව. ඒ තමයි ඊට ප්‍රථම වක්‍රාකාරයෙන් මෙවැනි චෝදනාවක් මම ඇමති ධුරයෙන් වෙනත් ඇමති ධුරයකට 2013 පෙබරවාරි මාසේ ගිය විට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළා. ප්‍රකෝටි ගාණක් ගල් අඟුරු නිසා පාඩු වුණා කියල. එහිදීත් මම කතා කරල පෙන්නුව මම ඉඳිද්දී ගත්තු තීරණයක් නෙමෙයි, ටෝරියන් කියන සමාගමට මම එපා කියද්දි, මම ගන්න බෑ කියද්දි, නීතිපතිගේ අවසරය මත අරගෙන තමයි එහෙම වුණේ කියල. අපි ඒකට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ජූලි මාසේ මිලියන 460 ක් එම ආයතනයට දුන්න එතුමියගෙ කාලේ. ඒකට එතුමිය වරදකාරයෙක් කියල මම කියන්නෙ නෑ. කවුද මේ ටෝරියන්?

ටෝරියන් කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගේ පුතා අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යවපු සමාගම. ඒකයි මේ ගල් අඟුරු එකේ ඇත්ත. ඔය මහලොකු නිර්දන පන්ති නායකයො විමසන්න ඕන ඒකයි. අදටත් ඒ ප්‍රශ්නය අපේ ෂිපින් කෝපරේෂන් එකට තියෙනව. නැව් සංස්ථාවට තියෙනව. ඒ පිළිබඳව නඩුවක් විභාගවෙන නිසා මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.

මෙම ප්‍රශ්නය අද ඊයේ ආරම්භ වූවක් නොවේ. මෙය 2009 සිට ගෙන ආ දෙයකි. මේ ගැන කාටත් කළින් රටට හෙළි කළේ මමයි. මා විසින් ආළපාළු ආර්ථිකය නමින් පොතක් ලිවුව. මේ පොතේ ගල් අඟුරු ජාවාරම රාජපක්ෂ පාලනය කරගෙන ගිය ආකාරය පිළිබඳව විධිමත් හෙළිදරව්වක් කරල තියෙනව. මේ පොත තමයි ලංකාවේ සිංහල පාඨකයට වැඩියෙන්ම විකිණිච්ච පොත. පිටපත් 40000 ක් නිකුත් වෙලා තියෙනව. එහි ඉතාම පැහැදිළිව ඔය ගණුදෙනුව ගැන සඳහන් කරල තියෙනව. මේ රටේ ඔඩිටර් ජෙනරල් දෙපාර්තමේන්තුවවත් ශ්‍රේෂඨාධිකරණයවත් කවුරුවත් කියන්න කලින් 2014 දෙසැම්බර් මාසේ තමයි මේක රටට හෙළිදරව් කළේ.

2009 තමයි මුල්ම ගල් අඟුරු ටෙන්ඩරය ලබා දුන්නේ. ඒ අවස්ථාවේ ඇමතිවරයා විධියට හිටියෙ ජෝන් සෙනෙවිරත්ත ඇමතිතුමා. එතුමාගේ මේකට කිසි සම්බන්ධයක් නෑ. ඒක තාක්ෂණික ක්‍රියාවලියකින්  සිද්ධ වෙන්නෙ. මුලින්ම තාක්ෂණික ඇගයීම් කමිටුව තියෙනව. ඊළඟට අමාත්‍ය මණ්ඩලය විසින් නම් කරපු ප්‍රසම්පාදන කමිටුව තියෙනව. ඒ දෙකේම ඉන්නෙ නිලධාරීන්. ඇමතිවරුන්ට කරන්න කාර්ය භාර්යයක් ඒකෙ නෑ. අමාත්‍යවරුන්ට ඒකට බලපෑම් කරන්නත් බෑ. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් කාටහරි අසාධාරණයක් වුණා නම් ඒක ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට යනව. අභියාචනා මණ්ඩලය තීරණයක් ගත්තට පස්සෙ යම් කෙනෙකුට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාවකුත් තියෙනව.

2009 ඉතාම වංචනිකව තමයි මේ ගල් අඟුරු ටෙන්ඩරය එවකට හිටපු ලේකම්වරයා විසින් මැදිහත්වෙලා ලබාදුන්නෙ. ඊට පස්සෙ 2012 මේ අපි කරන්න හැදුවම ඒකට ඉඩ දුන්නෙ නෑ. නොයෙක් කරුණු කාරණා පෙන්නල ඒක අවලංගු වෙන තත්වෙට පත්කළා. හැමදාම කළේ එකම උපක්‍රමය. ගල් අඟුරු බාන්න බැරි කාලයක් තියෙනව අප්‍රේල් මාසෙ ඉඳන් ඔක්තෝම්බර් මාසෙ දක්වා. ඒ කාලය තුළ ගල් අඟුරු හිඟයක් ඇති වෙන විධියට කටයුතු කරල පරණ ටෙන්ඩරයටම මේක ලබාදුන්න.

ගල් අඟුරු ගෙන්වීමට හිටපු නොබල් රිසෝසර්ස් සමාගම පිටිපස්සෙ කවුද හිටියෙ කියන එක කවුරුත් දන්න රහසක්. එක්තරා පවුලක බලගතු දියණියක් හිටිය මේ පසුපස. අද අපිට මඩ ගසන ඇතැම් මාධ්‍යවලට මුදල් සම්පාදනය වුණේ ගල් අඟුරු හරහා බව මම බොහොම පැහැදිළිව කියනවා. රාජපක්ෂ පවුලට සම්බන්ධ වී සිටී ඇතැම් රූපවාහිනී නාලිකා කරගෙන යන්න අරමුදල් සම්පාදනය වුනේ මේකෙන්ද කියන එක වහාම පරීක්ෂණයක් සිදුකළ යුතුයි.

වාසුදේව නානායක්කාර මහත්තය කියල තියෙනව පාර්ලිමේන්තු කමිටුවක් දාමු කියල. අපි අත් දෙකම උස්සල කියනව 2009 ඉඳන් ගෙන්වපු ගල් අඟුරු ගැන විමර්ශනය කරමු කියල. විවිධ මාධ්‍ය ආයතන වලට, විශේෂයෙන්ම රිවිර මාධ්‍ය ආයතනයට, ඒ වගේම CSN මාධ්‍ය ආයතනයට අරමුදල් සම්පාදනය කිරීම සඳහා මේ ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක පිළිබඳව ඒ හරහා සොයා බලමු. ඒ සඳහා අපි අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.

කොටියට සල්ලි දීල, කොටියගේ සල්ලි වලින් පත්තර ගහන ටිරාන් අලස්ගෙ සිලෝන් ටුඩේ පත්තරේ දාල තියෙනව Champika's Coal Deal කියල. මේකද මාධ්‍ය සදාචාරය?

ටිරාන් අලස් කියන්නෙ ගොල්ෆේස් පිට්ටනියට ගෙනත් නඩු අහන්න ඕන ත්‍රස්තවාදියෙක්. ඔහු තමයි ත්‍රස්තවාදීක්ට අරමුදල් සම්පාදනය කළේ මහින්ද රාජපක්ෂ යුගයේ. රාඩා ගණුදෙනුව. අද වෙනතුරු අත් අඩංගුවට අරගෙන නීතීය ක්‍රියාත්මක කළේ නෑ. නමුත් සිංගප්පූරුවෙදි අත්අඩංගුවට පත් වුණා. කිසිම පත්තරයක් මේක පළ කළේ නෑ. සන්ඩේ ටයිම්ස් පුවත්පත් විතරයි මේක පළ කළේ.

මම ටිරාන් අලස්ට එකක් කියනව. පත්තර වලින් තමුන් හැදුව කරූ ජයසූරිය විනාශ කරන්න, රනිල් වික්‍රමසිංහ මහත්තය විනාශ කරන්න, ඒ වගේම තවත් දේශපාලඥයන් බය කරල තමන්ගෙ සාක්කුවට ගන්න උත්සහ කළාට අපි එහෙම බය කරන්න බෑ. අපි ජනතාව සමඟයි කටයුතු කරන්නෙ. මඩ කොටින්ට අපි බය නෑ. යුක්තිය ඉටුවන තුරු අපි මේ අරගලය ගෙනයනවා. විශේෂයෙන්ම තුෂාර ගුණරත්නටත් මම මතක් කරන්න ඕන මාධ්‍ය පැසිස්ට්වාදය පත්තර හරහා කරන්න හදන්න එපා. සමාජයට වග කියන්න ලෑස්ති වෙන්න.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
Posted in: | Posted by :

නිළි තරූ බොරු කියලා සල්ලි උස්සපු හැටි ගැන රට ඉන්න සුරංග මුල්වරට හෙළිකරයි......හොන්ඩා කාර් ගන්න සල්ලි ඕනි කීවා, අසරණ ළමයින්ට ඒ සල්ලි දෙන්න කීවම බෑ කීවා, නිළියක් ඔහොම කරයි කියලා මම හිතුවේ නෑ

තරු බෝගොඩ නම් රංගන ශිල්පිනියක් විසින් ගංවතුරෙන් අවතැන් වූ පාසැල් සිසුන්ට හා ඔවුන්ගේ පවුල්වලට ආධාර ලබා දෙන බව පවසමින් එංගලන්තයේ වෙසෙන සුරංග විදානගේ නම් ශ්‍රී ලාංකිකයෙකුගෙන් මුදල් ලබාගෙන ඒවා අවභාවිතය කර රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළ බවට අදාල පුද්ගලයා විසින් ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබුණේ එයට සාධාරණයක් ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලමින් මෙන්ම ඇයගේ ගැටවලට නොරැවටෙන බවට අනෙක් අයට උපදෙස් ලබා දෙමින්.

මේ සිද්ධිය පිළිබඳව අප තරූ බෝගොඩගෙන් විමසා සිටි අතර මේ වන විට සිද්ධියට සම්බන්ධ වූ සුරංග විදානගේ අප හමුවේ සිද්ධිය පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.


තරු බෝගොඩ නම් රංගන ශිල්පිනිය හිරු වෙත පවසා සිටියේ මෙම මුදල් අදාලා සුරංග විදානගේ නම් පුද්ගලයාගෙන් ලබාගත්තේ ඔහුගේ දැන හැදින ගැනීමක් මත බවයි.


මේ සම්බන්ධයෙන් විස්තරාත්මක අපවෙත පැවසූ සුරංග පවසා සිටියේ මෙවන් දෙයක්..


මම අසරණ අයට උදව් කරන්න කැමති කෙනෙක්. මම මීට කලිනුත් කුලියාපිටියේ ඒඩ්ස් හැදුනා කියලා කටකතා ගියපු ළමයාව එංගලන්තේට අරන් ඇවිත් උදව් කරන්න හිටියා. තාමත් මම ඔවුන්ට මාසෙට 25,000 ගානේ ගෙදරට මුදල් යවනවා මට පුලුවන් විදියට.


ඔය තරු කියන Girl මට දවසක් ෆොටෝ වගයක් එව්වා ඉස්කෝලේ ළමයි වගයකට පොත් දෙනවා කියලා, ඒ වගේම කීවා වැඩිහිටි අයට මම උදව් කරනවා කියලා,  මම ඒක දැක්කම හරිම සංවේදී වුණා, පස්සේ මම කීවා හරි නංගි ඔයා දිගටම ඔය දේවල් කරන්න, මම ඔයාට උදව් කරන්නම් කියලා, ඉස්සරවෙලාම මම එයාට ලක්ෂ 5.5ක් එව්වා, ඒ යවලා සතියක් යනකම් මට කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නෑ, පස්සේ කීවා අයියේ ලොකු ප්‍රශ්නයක් වුණා, මගේ කාර් එකේ ලීස් අවුල් වෙලා තියෙන්නේ, මම ඒක ක්ලියර් කරන්න ලක්ෂ 5.5 වියදම් කළා කියලා, මම කීවා හරි කමක් නෑ නංගි කියලා තව ලක්ෂ 6ක් දැම්මා, ඒකත් අරගෙන මෙයා සද්දයක් නැතුව ඉඳලා එකපාරටම මට කීවා අයියේ ෆේස්බුක් එකේ ඔයාගෙයි මගෙයි දෙන්නාගෙම ඉන්න යාළුවෝ ටික හොඳ අය නෙවෙයි එයාලා බ්ලොක් කරන්න කියලා,


මට සැක හිතුනා එතනින්, පස්සේ මම ඒ යාළුවොන්ට කතා කළා, ඒ අය කියපු කතා වලින් මම මෙයා කවුද කියලා දැනගත්තා, එයාලා කීවා ඔය දුන්නු සල්ලි ආයේ ඔයාට ගන්න වෙන්නේ නෑ, මෙයා ගොඩක් කොල්ලෝ ඔය විදියට රවටැව්වා කියලා, දැන් මට කරන්න දෙයක් නැති නිසා මම වයිෆ්ට කියලා මේ සල්ලි කොහොම හරි ගමු කියලා එයාට ආදරේ කරන්න පටන් ගත්තා, ඒ හැමදේම කළේ මෙයාගේ බැංකු විස්තර අරගෙන අසරණ ළමයි වෙනුවෙන් දුන්නු සල්ලි ආයෙත් ගන්න ඕනි නිසා, මොකද මම ඒවා හම්බකලේ මේ වගේ අයට නිකරුණේ වියදම් කරන්න දෙන්න නෙවෙයි, ඒ වෙද්දි මම ලක්ෂ 12ක් බැංකුවට දාලා තිබුණා,

මේ සල්ලි ගන්න ඕනි නිසා මම එයා එක්ක කතා බහ කරලා ළඟින් ආශ්‍රය කරන්න පටන් ගත්තා, එයාව එංගලන්තෙට ගෙන්න ගන්නත් බැලුවා, මම දවසක් කීවා ඔයාට දැම්ම සල්ලි මට ආයේ දාන්න, ඔයා දැන් මම එංගලන්තෙට ගෙන්න ගන්නවනේ කියලා, මෙයා එකපාරටම කීවා බෑ බෑ ඒවා දැන් දෙන්න බෑ කියලා, මට තවත් සැක හිතුනා, මාසයත් විතර මම මේ සල්ලි ගන්න ප්ලෑන් කරලා හිටියේ, එක එක කතා කීවා, මම හදවත් රෝගියෙක් මට සැත්කමක් කරන්න යන්නේ කියලා. එත් මෙයා සල්ලි දුන්නේ නෑ,

ඊට පස්සේ මෙයා කීවා මට හොන්ඩා කාර් එකක් ගන්න ඕනි කියලා. මම කීවා එහෙම කරන්න එපා, ඒ සල්ලි අර ළමයින්ට දෙන්න, වාහන ගන්න නෙවෙයි ඒ සල්ලි මම ඔයාට දුන්නේ කියලා, එයා ජනප්‍රිය නිළියක් නිසා මම හිතුවේ නෑ මේ වගේ වංචාවක් කරයි කියලා, මම කොච්චර කීවත් ඒ සල්ලි අසරණ ළමයින්ට දෙන්න කියලා මෙයා දෙන්නේ නෑ, මට ඒ සල්ලි ආයේ වැඩක් නෑ, මම කියන්නේ ඒ සල්ලි ඔක්කෝම අසරණ ළමයින්ට දෙන්න කියලා, එයා මොනවා කීවත් එයාගේ පෞද්ගලික වැඩ වලට මේවා යොදවන්න එයාට අයිතියක් නෑ, මම පොලිසියේ පැමිණිල්ලකුත් දාලා තියෙන්නේ, මේ ගැන පරීක්ෂණයක් ළඟදිම පොලිසියෙන් කරලා ක්‍රියාමාර්ගයක් ගනී, මම ආයෙත් කියන්නේ ළමයි වෙනුවෙන් එවපු සල්ලි එයාලට දෙන්න, මට ඒ සල්ලිවලින් වැඩක් නෑ, ඔයාලත් මේ වගේ වංචාකාර අයට රැවටිලා මුදල් දෙන්න යන්න එපා,

එයා කියනවා ලක්ෂ 12ක් කාන්තා ඇසුරකට දුන්නා කියලා, ඔය ඔක්කොම බොරු කතා, මේ විදියට එයාට රැවටුණු පළවෙනියා මම නෙවෙයි, මීට කලින් කොල්ලෝ 4ක් විතර මෙයා රවට්ටගෙන තියෙනවා,

ඇත්තටම වුණේ ඔය කතාව කියලා තමයි සුරංග හිරු ගොසිප් අපිට එංගලන්තේ ඉඳන් දුරකථනයෙන් අමතලා කීවේ. මේ ගැන සුරංග පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා වගේම ඉදිරියේදී ඒ ගැන නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙයි කියලා ඔහු අපිත් එක්ක කීවා. මේ සිද්ධියට සම්බන්ධ චැට්, ෆොටෝ, බැංකුවට සල්ලි දැම්ම මුදල් කුවිතාන්සිත් වගේ හැමදෙයක්ම සුරංග ලඟ තියෙනවා කියලත් ඔහු කියනවා.

මේ තමයි සුරංග අපිට එව්ව ගිණුම් විස්තර......






Posted in: | Posted by :

යහපාලනයට බනින මදුශා රමසිංහගේ ඇත්ත කතන්දරේ හෙලි වෙයි

මදුශා රාමසිංහගේ සැබෑ නිරුවත ෆේස්බුක් පොස්ට් 
එකක් මගින් මේ වන විට හෙලි වී තිබේ

 මදූශා රාමසිංහ නංගි ඔයා ගිය අවුරුද්දෙ මහමැතිවරනෙන් පස්සෙ දවසක් මගේ FB අකවුන්ට් එකට රික්වෙස්ට් එකක් දාල මම ඔයාව ඇඩ් කරගත්තට පස්සෙ චැට් කරල අපි ෆෝන් වලින් කතා කරන මට්ටමට අදුනගත්ත. ඒ දවස්වල ඔයා කිවුව ඔයා නිලියක් කියල ගායිකාවක් කියල නමුත් ඔයාගෙ නම නුපුරුදු නමක් එකෙ කිසිම හුරුපුරුදු බවක් තිබුනෙ නෑ. ඔයා අලුත් පරපුරේ හිටිය කිවුව ජනප්‍රිය නිලියක් කිවුව අවුරුදු 12 ඉදන් දේශපාලනේ කරනව කිවුව ඒත් ඉතින් අපි කවුරුවත් ඔයාව අහල දැකල තිබුනෙ නෑ.

ඔයා ෆොටෝස් පෙන්නුව රගපෑව කියන වීඩියෝ පෙන්නුව එතකොට තමයි මම හරියටම ශුවර් කරගන්න පුලුවන් උනේ ඔයා නිලියක් කියල. නමුත් ඒව මට කිසිම විදියකින් අදාල උනේ නෑ මට ඔයාව සාමාන්‍ය කෙල්ලෙක් විතරයි. ඔයා කිවුව UNP එකට එකතුවෙන්න ඕනෙ කියල UNP එක මගේ පන හා සමානවම රකින නිසා වගේම ජාතික යොවුන් පෙරමුණෙහි උපසභාපතිවරයෙක් විදියට මට පක්ෂය වෙනුවෙන් සාමාජිකයින් එකයෙකුගෙන් හෝ වැඩි කිරීමෙ වුවමනාවක් තිබුන නිසා මම ඔයාව එක්සත් ජාතික පක්ෂයට එකතුකරගන්න කල්පනා කලා. ඔයා ගැන විවිධ දේ මට විවිධාකාර මිනිස්සු කිවුව ඔයාගෙ චරිතය මට අදාල උනේ නෑ දේශපාලන පක්ශයකට සම්බන්ද කරගන්න යන වෙලාවෙ මිනිස්සුන්ගෙ චරිත සහතික බලන්නෙ නෑනෙ. මට අවශ්‍ය උනේ තවත් එක UNP කාරයෙක් පක්ෂෙට දෙන්න. නමුත් මට ආරන්චි වුනු සියලුම දේ නැතත් මම ටිකක් ඔයාගෙන් ඇහුවම ඔයා දහ අතේ දිවුරමින් කිවුව ඒව බොරු කතා කියල.

දුමින්ද දිසානායකට පසුගිය මහමැතිවරණය පුරාවටම වැඩකලාය එයා උදවු අරගෙන ඔයාව කපල දැම්මය කියල කිවුව. නිදහස් පක්ශෙ පාර්ෂව දෙක ගැනම කලකිරිල තිබුනු පාටක් පෙන්නපු ඔයා මට කිවුව ඔයාව UNP එකට එකතු කරගන්න ඔයාට බොරලැස්ගමුව ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න ඕනෙ කියල. ඔයා දන්නවනෙ නංගි අපි ගොඩක් දවස් ගොඩක් වෙලා කතා කලා මම දේශපාලනේ කරන්න පටන් ගනිපු දවසෙ ඉදන් මෙ වෙනකම් පර්සි මහේන්ද්‍රට වත් නාමල් රාජපක්ෂටවත් ඔයා තරම් ජරා විදියට බැනපු කෙනෙක් මුන ගැහිල කතා කරල තිබ්බෙ නෑ. ඔයා දේශපාලනය ආරම්භ කලා කියන්න පාවිච්චි කලේ චන්ද්‍රිකාගෙ ස්ටේජ් එකක අවුරුදු 12දි ද 13 දිද කොහෙද සින්දුවක් කියපු එක. ස්ටේජ් එකක සින්දුවක් කියපු එක දේශපාලනයකලා කියල හිතන් ඉන්න එකෙන්ම මම දැනගත්ත ඔයා කොච්චර බොලඳ, නොතේරුම් සහගත කෙල්ලෙක්ද කියල. දැන් අහන දකින ඒවගෙන් හොදටම තේරුම් ගන්න පුලුවනි ඔයාගෙ මට්ටම මොකක්ද කියල.

ඔයාව මම අපේ ජාතික යොවුන් පෙරමුණු කාන්තා අංශයට සම්බන්ද කරන්න ගියා ඒ එක්සත් ජාතික පක්ෂයට තරුණ කාන්තාවන් එකතුකරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරවන්න නියමිත යාන්ත්‍රනයේ ආරම්භක අවදියෙදි නමුත් ඔයා එතන කලුද සුදුද බලන්නත් කලින් එකම එක කමිටු රැස්වීමකටවත් එන්න කලින් නායක කම ඉල්ලුව. ඔයාගෙ බුද්ධියෙ තරම අනුව ඔයා හිතන්න ඇත්තෙ චන්ද්‍රිකාගෙ ස්ටේජ් එකේ සින්දු කියපු නිසා ඔයාට නායකකම දෙන්න ඕනෙ කියල වෙන්න ඇති. නායකත්වය කියන්නෙ ඉල්ල ලබා ගන්න දෙයක් නොවෙයි ඒක හැකියාව දක්ෂතාවය අනුව ලැබෙන දෙයක් ඒව තේරුම් ගන්න ඔයා තවම මෝරල මදි.

නිලියක් වුනු නිසා හමේ පාට නිසා ඔයා මාර ගේමක් දුන්න කැපිල පේන්න දකින දකින කෙනාට මම නිලියක් මම නිලියක් කිය කිය යන්නෙ ඒක නිසා කියල ඒ දවස්වල නොතේරුනාට මට දැන් ඒක හොදට තේරෙනව. අනෙක නිලියක් වුනු පලියට ඔයා හිතන් ඉන්නවනම් ඔයාට ලංකාවෙ දේශපාලනයෙ ලොකු තැනක් වෙන් වෙන්න ඕනෙ කියල පබාල ගීතල අනර්කලීල ඇතුලු අටෝරාසියක් දෙනා ආව නිලියක් නිසා පාර්ලිමේන්තු යන්න නමුත් බුද්ධියක් ඇති මිනිස්සුන්ට දැන් එයාලව තිත්ත වෙලා ඉන්නෙ දේශපාලනය ගැන ඔයාට තේරුම් ගිය දවසක තේරෙයි කැමරාවක් ඉස්සරහ රඟපෑව කියල, කාමරයක් ඇතුලෙ රෙද්ද ඉස්සුව කියල ඦන්දෙ දෙන මිනිස්සු මේරටේ ඉන්නව කියන එක මොනවා තේරුම් නොගත්තත් ඔයා තේරුම් අරගෙන තිබ්බ. රග පාන එක දේශපාලනයට සුදුසුකමක් විදියට ඔයා විස්වාස කරනවද? ටීවී එකෙ මූන පෙන්නුවම මිනිස්සු ඔයාව පාර්ලිමන්ට් යවන්න ඕනෙද?

ඔයාව සිරිකොතට එක්කරගෙන ආවෙ මම නමුත් මට හදිස්සියෙම ලංකාවෙන් එලියට එන්න උනා රැකියාව කරන්න. ඊට පස්සෙ UNP කවුරුත් ඔයාව ගනන්ගත්තෙ නෑ නේද? ඒ පක්ෂෙ ඇතුලෙ දැන් නෑ නංගි නිලියක් වුනු නිසා ඔයාව ඦන්දෙට යවන මිනිස්සු. ඔයාට මොන අහරි වැඩක් කරන්න තිබ්බා වැඩක් කර්ල පෙන්නල දේශපාලනයට එන්න තිබ්බා. නමුත් ඔයාට කරන්න පුලුවන් වැඩක් නැති නිසා වෙන්න ඇති ඔයා බලන්නෙම මම නිලියක් මම නිලියක් ඉතින් දැන් මාව පාර්ලිමේන්තු යවපියවු කියන්න. නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවයෙන් ඔයාට තැනක් ලැබුනෙ නෑ ෆොන්සෙකගෙ පක්ෂෙන් තැනක් ලැබුනෙ නෑ UNP එක ඔයාව ගනන් ගත්තෙවත් නෑ. ඔයා දකින්න ඇති එකම විසදුම විදියට පර්සි මහේන්ද්‍රගෙ රෙජිමයට සෙට් වෙන එක. මට ඇහුනු ඔයා මට කියපු කතා එක්ක මට විස්වාස කරන්නම බෑ එකපාරටම ලංකාව විනාස කල ඒ දූශිත පාලකයා හොඳ වුනේ කොහොමද කියන්න. ඒත් ඒ පැත්තෙනුත් ඔයාව තාම ගනන් ගන්න පාටක් නෑ වගේ නේද? යහපාලනයට ගහන්න බයියො ඔයා කියන දේවල් පාවිච්චි කලාට ඔයාට තැනක් දෙන්නෙ නෑ ඒ මිනිස්සු වෙන මොනවත් නිසා නෙවෙයි ඔයාට වඩා “බඩු” එයාල ලග ඉන්නවා.

එකපාරටම පර්සි හොද වෙලා ගියාට බොරලැස්ගමුවෙන් ඔයාට නොමිනේශන් ලැබෙන පාටකුත් නෑ නේද නොමිනේශන් ලැබුන කියමුකෝ ඔයා දිනයිද? උගත් බුද්දිමත් මිනිස්සුන්ට දේශපාලනයෙ ඉඩක් වෙන් වෙන්න ඕනෙ කියල සමාජ මතයක් හැදෙන වෙලාවක ඔයා වගේ O/L ෆේල් නිලියක් විතරක්ම වෙන ඔයාට මිනිස්සු ඦන්දෙ දෙයිද? දුමින්ද ඔයාව පාවිච්චි කලාටත් වඩා ජරා විදියට මහින්දගෙ එවුන් ඔයාව පාවිච්චි කරල විසි කරනවා. ඔයාට වඩා ගොඩක් කල් දේශපාලන ලෝකෙ ගැටිල තියෙන මම දන්නව ඔයාට වෙන්න යන දේ. ඔයාවගේ උඩ පැන ගෙන පාරෙ යන්නත් විදියක් නැතුව දේශපාලනෙන් ගිය චරිත මම දැකල තියෙනව. හැබැයි නංගි එකක් මතක තියාගන්න ඔයාව සිරිකොතට එක්කන් ගියේ මම අතනින් මෙතනට මෙතනින් අතනට පැන පැන ආයෙ සිරිකොත පැත්තෙ එහෙම එන්න හිතුවොත් ඔයාටත් මඩු වලිගෙන් ගහල තමයි එලවන්නෙ. එක දවසකට හරි ඔයාව UNP එකට ගෙනාපු එක මම අපෙ පක්ෂෙට කල ලොකු වැරැද්දක්. නංගි ඔයාගෙ කටින්ම මට කිවුව මතතකද නාමල් තමා ලංකාවෙ ඉන්න හොදම කුපාඩිය කියල තාත්ත ජනපති උන පලියට මූකොහොමද මෙහෙම රඟන්නෙ කියල මූ කොහොමද මෙහෙම දගලන්නෙ කියල අහපු කටින්ම නාමල් තරම් වෙන කවුරුත් හොරා කාල හම්බ කලේ නෑ කියපු ඔයා කොහොමද ඌව හිරේ ගියාම බුකිය පුරා ඔහොම හොටු පෙර පෙර අඩන්න ලැජ්ජ නැද්ද? ඔයා ඔය නාමල් ගැන කියන කතා කියනෙ කටින් වෙන්න බෑ වෙන කොහෙන්හරි වෙන්න ඇති. ආයෙත් කියන්නම් නංගි දෙතුන් දෙනෙක් දැනගෙන වැඩක් නෑ ලංකාවම දන්න නිලියක් වෙන්න හැබැයි මතක තියාගන්න ඒකට ඔයාගෙ රඟපෑමේ හැකියාව විතරක් පාවිච්චි කරන්න

ඔයාව දවසක් හරි නංගි කෙනෙක් විදියට ආශ්‍රය කල නිසා කියන්නෙ මිනිස්සුන්ට ආතල් දෙන එක දැන් නවත්තන්න රටේ මිනිස්සුන්ට ආතල් සපයල කොමඩියක් උනා කියල කවුරුත් ඔයාට තැනක් දෙන්නෙ නෑ. ඔයාට තැනක් ගන්න ඕනෙ නම් ඔයා රගපාන්න රඟපාල ලංකාවෙම ආදරය දිනාගත් කලාකාරිනියක් වෙන්න දේශපාලනය ගැන ඉගනගන්න හදාරන්න අධ්‍යාපන මට්ටමත් පුලු පුලුවන් විදියට ඉහල මට්ටමකට ගේන්න. ඒ සියල්ල ඉවරවෙලා ඔයා දේශපලනේ ගැන කතා කරන්න. ඔයා දෙන ආතල් දැන් ඇති වෙලා තියෙන්නෙ නංගි ශිරාවටම

දිනේශ් රවිචන්ද්‍රරාජ්
Posted in: | Posted by :

මහාරාජාගේ හුරතලා ශ්‍රී රංගාගේ කතාව...

රාජපක්ෂ පාලන සමය තුළ බලය අවභාවිතාවේ යොදවමින් සුරසැප වින්දේ, නීතියට සිනාසුණේ ඒ පවුලේ සාමාජිකයන් පමණක් නොවේ. ඔවුන්ගේ අන්තේවාසිකයෝ ද එය අඩුවැඩි වශයෙන් භුක්ති වින්දහ. හිටපු මන්ත්‍රී ශ්‍රී රංගා ජයරත්නම් ද එවැන්නෙක් විය. මහා මාධ්‍ය වීරයෙකු ලෙස පිටතට පෙනී සිටීම් කළමුත් ශ්‍රී රංගා රාජපක්ෂවරුන් සමඟ සමීප ගනුදෙනුවක නිරත වූ බව ප්‍රසිද්ධ කාරණයක් විය. විශේෂයෙන්ම ඔහු නාමල් රාජපක්ෂගේ සමීපතම මිතුරු කවයේ සාමාජිකයෙක් විය. එකවර මාධ්‍යකරුවෙකු හා දේශපාලනඥයකු ලෙස ද්විත්ව භූමිකා රඟපෑ ශ්‍රී රංගා මීට වසර පහකට පෙර සිදුවූ රිය අනතුරකදී අධිකරණය නොමඟ යැවූ ආකාරය සම්බන්ධයෙන් වැදගත් අනාවරණයන් රැසක් දැන් දැන් හෙළි වෙමින් පවතී. සැබැවින්ම එය රාජපක්ෂ සමයේ නීතියේ පාලනය අවභාවිතා වූ වගට ඇති තවත් කදිම සාක්ෂියක්මය.

එක් පුද්ගලයකුට මරු කැඳවූ මෙම මාරක රිය අනතුර සිදුව තිබුණේ වවුනියාවේ සෙට්ටිකුලම් රෝහල අසලදීය. මඩු බලා ගමන් කළ රංගාගේ ලෑන්ඩ් කෲසර් වර්ගයට අයත් මෝටර් රථය 2011 මාර්තු 31 වැනි දින පළමුව සෙට්ටිකුලම් රෝහල අසල පලු ගසක වැදී අනතුරුව කොන්ක්‍රීට් කණුවක ගැටි රෝහල් භූමිය වටා ඉදිකර තිබු තාප්පයේ ගැටිණි. එම අනතුරින් රංගාගේ ඇමැති ආරක්ෂකයා වූ ජී. ආර්. ජයමිණි උදය පුෂ්පකුමාර මිය ගියේය. පොලිස් සැරයන්වරයකු ලෙස කටයුතු කළ ඔහුගේ සේවා අංකය 36759 විය.

එම අනතුරින් සෑහෙන අලාභ හානි මන්ත්‍රීවරයාගේ මෝටර් රථයට සිදුව තිබූ අතර අනතුර සිදුවූ පසු අසීරුවෙන් හුස්ම ගනිමින් සිටි රථයේ ඉදිරි පෙළ වම්පස අසුනේ ගමන් කළ ජයමිනි පුෂ්පකුමාරව ඉන් පිටතට ගැනීමට රැස්ව සිටියවුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය. පළමුව සෙට්ටිකුලම් රෝහලට රැගෙන ගිය පුෂ්පකුමාරව එතැනින් වවුනියාව හා අනුරාධපුර රෝහල් කරා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉක්මනින්ම යොමු කළමුත් ඒ අනතුර සිදුව ඔහුට ජීවත්වීමට වාසනාව ලැබුණේ පැය කිහිපයක් පමණි. රිය අනතුර පිළිබඳව සැබෑ කුමන්ත්‍රණය ඇරැඹුණේ ඉන් පසුවය.

මන්ත්‍රී ශ්‍රී රංගාගේ රියැදුරු ලෙස එම අනතුර සිදු වූ සමයේ කටයුතු කළේ “මෝහන්” නම් තැනැත්තෙකි. නමුත් එම අවාසනාවන්ත දිනයේ කුමන හෝ හේතුවක් නිසා ඔහු රාජකාරියට වාර්තා කර තිබුණේ නැත. එම නිසාම මඩු බලා යන ගමනේදී සුක්කානම කැරකීමේ වගකීම සිය කැමැත්තෙන්ම ශ්‍රී රංගා භාර ගත්තේය. රංගාගේ රිය පැදවීම මහමඟ ධාවනයකට වඩා, වඩාත් ගැළපුණේ මෝටර් රථ ධාවන තරගයකටය. ඔහු ඒ තරම් වේගවත් රියැදුරෙක් විය. තම රියැදුරන්ට පවා රංගා නිතරම උපදෙස් දුන්නේ, හැකි තරම් “පාගන” ලෙසය. මෙම අධික වේගය නිසා රංගා ගමන් කළ මෝටර් රථ අනතුරට භාජනය වූයේ වරකදී, දෙවරකදී නොව වරක් දඹුල්ල මාතලේ මාර්ගයේ නාඋල ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් ජීප් රථයක් ගසක වැදී ගිනි ගත් අතර පාලනය කර ගත නොහැකි අධික වේගය ඊට බලපෑ ප්‍රධාන හේතුව විය.

මේ මෑතකදීත් රංගා ගමන් ගත් වාහනයක් ඇළකට පෙරළී තිබිණි. රංගා හා සබැඳි රිය අනතුරු පිළිබඳ කතා කිරීම අපගේ අරමුණ නොවේ. එය අපගේ ප්‍රධාන ප්‍රස්තුතයට බාධාවකි. එබැවින් අදාළ කාරණයට අවධානය යොමු කිරීම වැදගත්ය.

ආරක්ෂකයාගේ ඝාතකයා..?
සෙට්ටිකුලම් රිය අනතුර නිසා ජයමිණි පුෂ්ප කුමාර මියයෑමත් සමඟ ශ්‍රී රංගා බෙහෙවින් කලබලයට පත් විය. තම ආරක්ෂකයාගේ මරණය හේතුවෙන් දින කිහිපයක් හෝ සිරගතව සිටීමට සිදුවන බව හෙතෙම හොඳාකාරවම දැන සිටියේය. ඒ නිසාම තම කොළඹ හිතමිතුරන්ගේ හා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල තරුණ දේශපාලනඥයකුගෙන් ලැබුණු උපදෙස් මත ඇත්ත නැත්ත කිරීමේ කතාන්දරය ඔහු ඇරැඹුවේය. ඒ කතාන්දරයේ පිටපත අනුව ජයමිනි පුෂ්පකුමාරව රියැදුරු අසුනට යා යුතු වූ අතර රංගා වම්පස අසුනට මාරු විය යුතු විය. අනතුර සිදුවෙද්දී තෙවැන්නෙක් ද ජීප් රියේ සිටි අතර ඔහු ද ඇමැති ආරක්ෂක අංශයට සම්බන්ධ පොලිස් නිලධාරියෙකි. අනතුර සිදුවෙද්දී මෙන්ම රංගා පසුව සැකසු පිටපතට අනුව ද ඔහු අසුන්ගෙන සිටියේ රියදුරු අසුනට පසු අසුනේ දකුණු පසට වන්නටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම තුළ ඇති සිවිල් බලය නිසා ඇත්ත බො‍රුව කිරීම ඒ හැටි අපහසු නොවීය. රංගා සැකසු පිටපතට අනුව අනතුර සියැසින් දුටු හා තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යාමට මැදිහත් වූ සාක්ෂිකරුවන් ද තම සාක්ෂි ලබාදුන් අතර පොලීසියට ද ඊට අනුගත වෙනවා හැර වෙනත් විකල්පයක් නොවීය.

මියගිය ජයමිණි පුෂ්පකුමාරගේ ගිණුමට මෙම රිය අනතුර බැර වූයේ ඒ ආකාරයටය. ජයමිණිට තමන් වෙතින් අසාධාරණයක් වූ බව ශ්‍රී රංගා හොඳාකාරවම දැන සිටියේය. ඕනෑම කෙනෙකු රැවටිය හැකි වුවද තමන්ගේ හෘදය සාක්ෂිය රැවටීම ඒ හැටි පහසු නොවේ. ශ්‍රී රංගාට ද එය එසේ විය. ඒ නිසාම තමන්ට සෑහෙන කලක් සේවය කළ ජයමිණිගේ මෘත දේහයට ආචාර කිරීමට හෝ ධෛර්යයක් ඔහුට නොවීය. මළගෙදර වැඩට යැයි කියමින් 50,000ක් පමණක් ඔහු එවා තිබිණි. දේහය භූමිදානය කිරීමෙන් අනතුරුව ද ජයමිණිගේ පවුලේ සාමාජිකයන්ට “සැලකීමේ” අදහසක් ශ්‍රී රංගාට නොවීය. ඔහු දිගටම “වෙස් මුහුණු” පැලඳීමට ප්‍රිය කළේය. තම පවුලේ ආර්ථික දුෂ්කරතා සලකා බලා උදවුවක් කරන ලෙස ජයමිණිගේ බිරිය වූ ජේ. බී. චාන්දනී රම්‍යලතා ඉල්ලීම් කළ සෑම අවස්ථාවකදීම රංගා බොරු පොරොන්දු දුන්නේය. ජයමිණිගේ දරුවන් තිදෙනාට හොඳ පාසල් හා නිවසක් ඉදිකර දෙන බවට රංගා පොරොන්දු වූවත් ඒ කිසිවක් ඇත්තක් වූයේ නැත.

තම සැමියාගේ අකල් මරණය හා ඉන්පසු රංගා ගෙතු පිටපත පිළිබඳව සැබෑ තොරතුරු දැන ගැනීමෙන් පසු රම්‍යලතා, ජයමිණිගේ මරණයට සාධාරණයක් පතා මානව හිමිකම් කොමිසම පොලීසියේ පිහිට පැතුව ද රංගාගේ දේශපාලන බලය තුළ ඇයට වැඩිදුර ගමන් කළ නොහැකි විය. රාජපක්ෂ පාලනය තුළ ශ්‍රී රංගා අසවල් යැයි කිව හැකි ඍජු භූමිකාවක් රඟ නොපෑව ද ඔහු පාලක කවයේ සමීපතම හිතවතෙක් විය. ඒ නිසාම තම මිතුරාගේ ආරක්ෂාව වෙනුවෙන් පැවැති පාලන තන්ත්‍රය කොන්දේසි විරහිතව පෙනී සිටීම් කළේය.

රංගාගේ ඉතිහාසය
1971 වසරේ ජනවාරි 22 දා මෙලොව එළිය දුටු ශ්‍රී රංගා ජෙයරත්නම් වවුනියා දෙමළ මධ්‍ය විද්‍යාලයෙන් හා යාපනය හින්දු විදුහලෙන් අධ්‍යාපනය හැදෑරුවේය. ඉගෙනීමේ දක්ෂතා පෙන්නූ ඔහු ඒ නිසාම වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට සුදුසුකම් සපුරා ගත්තේය. ක්‍රීඩාවට ද දක්ෂ වූ ශ්‍රී රංගා සරසවි සමයේදී විශ්වවිද්‍යාල පාපන්දු කණ්ඩායමේ නායකත්වය ද දැරිය. දේශපාලනය පිළිබඳව ඉහළ උනන්දුවක් රංගාට මුල සිටම විය. ඩග්ලස් දේවානන්දගේ සම්බන්ධීකාරකයකු වූ ඔහු චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ මහින්ද රාජපක්ෂ මහතා ධීවර ඇමැති ධුරය දැරූ සමයේදී ඔහුට වඩාත් කිට්ටු විය. ඒ කාලයේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ද මහින්දගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළේය. ශ්‍රී රංගා මහින්දට කිට්ටු වූයේ එක් පසකින් ආරක්ෂාව පිළිබඳ මානයෙන් වුවද දේශපාලන හිණිමගේ ඉහළ යෑමට ඔහු තුළ වූ ආශාව ද ඊට සමගාමීව වැඩ කළේය. ඒ යුගයේ එල්. ටී. ටී. ඊ. යේ ක්‍රියාකාරිත්වය උපරීමයට පැමිණ තිබු අතර එම තත්ත්වය තුළ ඊට ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ට දේශපාලනය කිරීම පහසු නොවීය. උතුරේ හෝ දකුණේ කියා එහි වෙනසක් නොවීය.

දේශපාලනයටත් වඩා මුලදී ශ්‍රී රංගා වඩා කැපී පෙනෙන්නට වූයේ මාධ්‍යවේදියකු ලෙසය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු එම්.බී.සී. මාධ්‍ය ආයතනයට එක්වූ ඔහු ශක්ති එෆ්. එම්. හි විකාශය වූ “එරිමලෙයි” (ගිනි කන්ද) වැඩසටහන මෙහෙයවීය. පසුව රූප මාධ්‍යයට එක්වූ ශ්‍රී රංගා “මින්නල්” (අකුණ) වැඩසටහනෙහි ඉදිරිපත් කරන්නා විය. එය ඔහුට තමන්ගේම කියා අනන්‍යතාවක් නිර්මාණය කර දුන්නේය. වතු දෙමළ තරුණයන් අතර එම වැඩසටහන අතිශයින්ම ජනප්‍රිය වූ අතර එය ශ්‍රී රංගාව ක්‍රියාකාරි දේශපාලනයට රැගෙන ඒම කඩිනම් කළේය. ශ්‍රී රංගාගේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඇත්තේ විවිධ වූ කියවීම්ය. වැඩසටහන මෙහෙයවන පුද්ගලයා ලෙස කටයුතු කළ ද ඔහු නිතරම උත්සාහ කළේ තම මතය තහවුරු කිරීමටය. එම වැඩසටහනට සම්පත් දායකයින් ලෙස සම්බන්ධ වූවන්ට හැම විටම ලැබුණේ අඩු සැලකිල්ලකි.

සිරිසේන කුරේගේ පක්ෂය මිලදී ගත් රංගා
දේශපාලනයේ ඉහළ යෑමට සිහින දුටු ශ්‍රී රංගාගේ සිහිනයට ලොකුම සහාය ලබා දුන්නේ ඔහුගේ ස්වාමියා වූ රාජා මහේන්ද්‍රන් ය. විලුදගල් නම් රාජ්‍ය නොවන සංවිධානය පවත්වාගෙන ගිය ශාන්ති සච්චිතානන්දන් හා එක්ව ශ්‍රී රංගා පුරවැසි පෙරමුණ නම් පක්ෂයේ අයිතිය තහවුරු කර ගනිද්දී ඊට අවශ්‍ය සම්පූර්ණ සහාය ඔහුගේ හාම්පුතාගෙන් නොමඳව හිමි විණි. පුරවැසි පෙරමුණේ අයිතිය ඒ වන විට හිමිව තිබුණේ හිටපු ඇමැතිවරයකු වූ සිරිසේන කුරේටය.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී රංගාගේ පුරවැසි පෙරමුණ එජාපයට සහාය දැක්වීය. රංගා නුවරඑළිය දිස්ත්‍රික්කයට එ. ජා. පෙරමුණු අපේක්ෂකයකු ලෙස තරග කළ අතර ඔහු මනාප 33,948ක් ලබමින් පහසු ජයක් හිමි කර ගත්තේය. කෙසේ වෙතත් ශ්‍රී රංගා හා එජාපය අතර දීගයට වැඩි ආයුෂ නොවීය. එය පැවැතියේ කෙටි කාලයකි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් මුල් කරගනිමින් රාජා මහේන්ද්‍රන් හා එජාපය අතර විරසකයක් නිර්මාණය වූ අතර තම ස්වාමියාගේ මතය සමඟ සිට ගැනීමට එහිදී රංගාට සිදු විණි. එතැන් සිට ඔහු කටයුතු කරන්නට වූයේ එජාප විරෝධි ස්ථාවරයක සිටය. රාජපක්ෂ පාලනයට ඍජුව හේත්තු නොවුණ ද ශ්‍රී රංගාගේ ස්ථාවර ඒ සමඟ හොඳින් පෑහුණි.

හිටපු ජනාධිපතිවරයාට හා නිදහස් සන්ධාන රජයට ප්‍රසිද්ධියේ සහාය පළ නොකළ ද ශ්‍රී රංගා ආණ්ඩුව තුළ සෙසු සුළු ජාතික ඇමැතිවරුන්ට සාපේක්ෂව “ඇඳගෙන” සිටි පුද්ගලයෙක් විය. දෙමළ බස කතා කරන දේශපාලනඥයන්ව තම වැඩසටහනට ගෙන්වමින් රංගා නිතරම ඔවුන්ව අමාරුවේ දැමීමට හා හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කළේය. ඒ තුළ මාධ්‍ය කේන්ද්‍රියව වීරයකු වීම ඔහුගේ අරමුණ බව බැලු බැල්මටම පෙනෙන්නට විය. නමුත් එය දෙමළ බස කතා කරන සෙසු දේශපාලනඥයන් හා ඔහු අතර පැහැදිලි විරසකයක් නිර්මාණය කළේය. මාධ්‍ය ඔස්සේ සෙසු සුළු ජාතික දේශපාලනඥයන්ව කටගැස්මට ගත් රංගා ඔවුන් සම්බන්ධව ඕපා දූප ද අඩු නැතිව ප්‍රචාරය කළේය. ඒ නිසාම වරක් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගෙන් කම්මුල් පහර කිහිපයක ඉලක්කය වීමට රංගාට සිදුවිණි. 2014 වසරේ දෙසැම්බර් මාසයේ තුන්වන සතියේ එය සිදුවූයේ අරලියගහ මන්දිරයේදීය.

අරලියගහ මැදුරේදී කම්මුල් පාර කෑ රංගා
එදින ශ්‍රී රංගා අරලියගහ මන්දිරයට පැමිණ සිටියේ අම්පාර දිස්ත්‍රික් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ එච්. එම්. හාරිස්ව ද කැටුවය. ඒ වන විට මධ්‍යම රාත්‍රියට ද ආසන්නව තිබු අතර රංගා හා හාරිස් සිටි මේසයට මඳක් ඈතට වන්නට සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් එම පක්ෂයේ ලේකම් වයි. එල්. එස්. හමීඩ් හා අමීර් අලි ඇතුළු පිරිසක් අසුන්ගෙන සිටියහ. ඔවුන් එහි පැමිණ සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමඟ අත්සන් කිරීමට නියමිතව සිටි අවබෝධතා ගිවිසුමේ පිටපතක් ද සහිතවය. ජනාධිපතිවරණය කැඳවීමත් සමඟ තම පක්ෂය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව බදුර්දීන් මහතා ප්‍රකාශ කර තිබිණි. තමන්ට මඳක් ඈතින් ශ්‍රී රංගා සිටිනු දුටු බදුර්දීන් අමාත්‍යවරයා එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් ද සිටි එම ස්ථානයට ගියේය. ඒ වන විට සෙනරත් තම රාත්‍රී භෝජනය අනුභව කරමින් සිටියේය. රංගා ඔහු අසල විය. “පහත් පෙළේ දෙපිටකාට්ටුවන්ව වැද්දගන්නේ ඇයි?” සෙනරත්ට කිට්ටු වූ බදුර්දීන් තරමක සැර භාෂාවෙන් විමසුවේය. එවිට ශ්‍රී රංගා පැවසුවේ මන්ත්‍රී රවී කරුණානායකගේ නිවසේදී බදුර්දීන් මංගල සමරවීර මහතා හමුවූ බවය. තමන් ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට ද පැවසු බව රංගා උජාරුවෙන් සඳහන් කළේය. එය බදුර්දීන්ව සෑහෙන කෝප ගැන්වීමට සමත් විය. රාජපක්ෂ මහතාගේ සහ මන්ත්‍රී නාමල්ගේ නම් රංගා විකුණන බව උස් හඬින් කී බදුර්දීන් “මේ ආණ්ඩුව නැත්තටම නැතිවෙන්නෙ මූ නිසයි” යනුවෙන් පැවසීය. ඒ සමඟම ශ්‍රී රංගා ඇමැතිවරයා සිටි ස්ථානයට පැමිණි අතර ඒ අවස්ථාවේදී බදුර්දින් ඔහුට කම්මුල් පහර දෙකක් එල්ල කළ බව පසුව වාර්තා විය. රාජපක්ෂවරුන් සමඟ ශ්‍රී රංගා රැඳී සිටිම බදුර්දීන්ගේ කෝපයට හේතු වූ අතර ඔහු පොදු අපේක්ෂකයාගේ කඳවුරට එකතු වීමේදී එය ද එක් හේතුවක් විය. පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී රංගා හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සහතික කරලීමේ අපේක්ෂාවෙන් තිරයෙන් පිටුපස සෑහෙන කාර්යභාරයක් ඉටු කළ අතර තමිල්නාඩුවේ සුප්‍රකට “නාන්ති” ටෙලිවිෂන් ආයතනය රාජපක්ෂ මහතාව සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළ අවස්ථාවේදී පසුතල නිර්මාණය ඇතුළු ආලෝක පරිපාලනය හා රාජපක්ෂ මහතා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යුතු ආකාරය ඉගැන්වූයේ ශ්‍රී රංගාය.

වෘත්තීය ජීවිතයේදී තමන්ට උදවු කළ පුද්ගලයන්ට කළගුණ සැලකීමට තරම් “හොඳ පපුවක්” රංගාට නොවීය. ශක්ති ටීවී වෙත ආ අවස්ථාවේදී රූපවාහිනී කැමරාවට මුහුණදිය යුතු ආකාරය ඔහුට කියා දුන්නේ රමණිදරන් නම් නිෂ්පාදකයාය. නමුත් ක්‍රමයෙන් ස්ථාවර වූ ශ්‍රී රංගා කළේ තමන්ට ගුරුහරුකම් කළ රමණිදරන්ට එළවා එළවා පහර දීමය. එබඳු අපකීර්තිමත් වාර්තාවක් සහිත පුද්ගලයකුගෙන් ජයමිණිට හෝ ඔහුගේ කුටුම්බයට සාධාරණයක් බලාපොරොත්තු වීම අර්ථ විරහිතයක්ය. කෙසේ වෙතත් ජයමිණිගේ මරණය සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලමින් ඔහුගේ බිරිය රම්‍යලතා මේ වන විට යළි අධිකරණය හමුවට ගොස් තිබේ. ඊට අදාළ මූලික නඩු විභාගය පසුගිය ජූනි 22 දා පැවැති අතර මීළඟ නඩු විභාගය ඔක්තෝබර් 26 ට නියම කර ඇත. පසුගිය රජය සමයේ දේශපාලන බලපෑම් මත අසාධාරණයට හා අගතියට පත්වූ තම ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් යහපාලන රජය යටතේ ඉටු වනු ඇති බවට දැඩි විශ්වාසයක් ඇයට තිබේ. ඇයගේ එම විශ්වාසය වඩාත් තාර්කික එකක් කරමින් මේ පිළිබඳව පරීක්ෂණ බලපෑමකින් තොරව නව වටයකින් ආරම්භ වී තිබීම ප්‍රශංසනීයය.

-චාමර ලක්ෂාන් කුමාර විසිනි-
Posted in: | Posted by :

අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගෙන් ගුවන් සමාගමක්

මහ බැංකු අධිපතිව සිට සේවයෙන් ඉවත්වන අර්ජුන් මහේන්ද්‍රන් පිළිබද කෝප් කමිටුව විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු මේ වනවිට කතානායකවරයා වෙත පත්කොට එය පරිශීලනය කරමින් පවතින තත්වයක් යටතේ ඔහු විසින් සිදුකරගෙන ගෙන යාමට නියමිත තවත් ගණුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු හෙලිවී ඇත.

කෙසේ වුවත් අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා විසින් මහ බැංකුවෙන් ගත් මුදල් භාවිතා කොට එක්තරා එයාර් බස් සමාගමක් සමග එක්ව ගුවන් ගමන් සාමාගමක් ආරම්භ කිරීමට යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කොට සිටී.

අදාළ ගුවන් ගමන් සමාගමේ දේශීය නියෝජිතයින් ඉවත් කොට තනිවම එම ගුවන් සමාගම ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇති අතර එහි සමාගම් නාමය ලෙස සදහන් වන්නේ ෆර්ෆෙච්චුවල් ඇවියේෂන් (Perfectual aviation) නම් වන අතර ඒ සදහා මේ වනවිටත් සැහැල්ලු ගුවන් යානාවක් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බවද වාර්තාවේ.
අදාළ ගුවන් සමාගම හා හෙලිකොප්ටර් යානාවක් මිලදී ගැනීම සදහා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණනුවන් වන ඇලෝෂියස් විසින් මහ බැංකුවෙන් මුදාගත් මුදල් උපයෝගී කොටගෙන ඇති අතර ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 04ක මුදලක් යොදවා ඇති බවද වාර්තාවේ.
බැදුම්කර ගණුදෙනුවේ දූෂණ ප්‍රමාණය නිකුත් වීමටත් පෙර අර්ජුන්ගේ බෑණනුවන් විසින් මෙවැනි මිලදී ගැනීම් සිදු කිරීම මහ බැංකුව වැටී ඇති තත්වය සුපැහැදිලි වන කරුණක්ද වේ.
Posted in: | Posted by :

රාජිත ධීවර ඇමැති කාලයේ සියයට 2000 ක ‘පවර් ඒෂියා‘ ගැහිල්ලක්: FCID ය මෙතෙක් විභාග නොකෙළේ ඇයි?

කවුරුත් දන්නා පරිදි වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී ආවේ එම ආණ්ඩුව දූෂිත යැයි චෝදනා කරමිනි. රාජපක්ෂලා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය බැල්ලක මෙන් මහ රෑ, හඳපානේ තනියම නඩු අසා එළවා දමද්දී ඒ නඩුව ඇසූ විනිසුරෙක් ලෙස රාජිත සේනාරත්න ද සිටියා වුව රාජපක්ෂ ආණ්ඩුව දූෂිත යැයි කියා එය හැරදා රාජිත එද්දී යහපාලනප්‍රේමී ජනතාව ඔහුව පිළිගත්තේය. පිළිගත්තා පමණක් නොව පසුව පැවැති මහ මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ පළමුවැන්නා ලෙස ඔසවාද තැබුවේය. එසේ ඔසවා තැබුවේ රාජිත දූෂිතයෙක් නොවේ යැයි සිතාගෙන ය.

නමුත් මේ වන විට පසුගිය රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයේදී සිදුකරන ලද මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් සෙවීමට පත් කරන ලද පොලිසියේ විශේෂ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (FCID යට) කරන ලද පැමිණිලි අනුව රාජිත සේනාරත්න ඇමැතිධූරය දැරූ යුගයේ ධීවර සහ ජලජ සම්පත් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ බරපතල මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් පැමිණිලිද තිබේ. ( වාසනාවකට පොදු අපේක්ෂකයා සහ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ඇමැතිධූර හෙබැවූ සෞඛ්‍ය සහ වාරිමාර්ග අමාත්‍යාංශ වල දූෂණ ගැන කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැත. FCID යට පමණක් නොව දූෂණයට එරෙහි මාධ්‍යයක් වූ ‘ලංකා ඊ නිව්ස්‘ වෙතද එවැනි පැමිණිල්ලක් ලැබී නැත.) පුදුමයකට මෙන් රාජිත සේනාරත්න ඇමැතිධූරය දරද්දී ධීවර සහ ජලජ සම්පත් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ දූෂණ ගැන කරන ලද පහත පැමිණිල්ල මෙතෙක් විභාගයට ගෙන නැත.

මෙය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ජනතාව තැබූ විශ්වාසය පළුදු කිරීමකි. ජනතාව සිතන්නේ මහින්දානන්දලාගේ වීරවංශලාගේ දූෂණ ගැන සෙවූවද පැත්ත මාරු කළ නිසා රාජිත ඇමැතිවරයා ගැන පරීක්ෂණ කරන්නේ නැතැයි කියා ය.  ‘FCID ය අපෙන් පලිගන්නවා පලිගන්නවා‘ යැයි රාජපක්ෂලා කියන අවලාදයද සත්‍යයක් යයි එවිට ජනතාව සිතනු ඇත. මෙය රාජිත ඇමැතිවරයාගේ කීර්තිය පළුදු කිරීමක් වන අතර යහපාලන ආණ්ඩුවේ නමේද ගූ ගෑවෙන්නකි. එබැවින්  රාජිත සේනාරත්න ඇමැතිවරයාට එරෙහිව තිබෙන බරපතල මූල්‍ය දූෂණ ගැන පැමිණිලි විභාග කර රාජිත සේනාරත්න මහතාට නිර්දෝෂී වීමට අවස්ථාව සලසා දිය යුතුය. ඔහු නිර්දෝෂී නොවේ නම් තරාතිරම නොබලා දඬුවම් දිය යුතුය.

රාජිත සේනාරත්න ඇමැතිවරයා ධීවර ඇමැති ධූරය දැරූ යුගයේ සිදුවූ බරපතල දූෂණයක් ගැන FCID යට කරන ලද පැමිණිල්ලක තතු මෙසේය. මෙම දූෂණය සිදුකර ඇත්තේ රාජපක්ෂ රෙජීමයේ අවසාන කාලයේදී ය. එනම් ‘යන යකා කොරහත් බිඳගෙන යන්නට‘ තටමන කාලයේදී ය. මෙය පොඩි පහේ දූෂනයක් නොවේ. සියයට 2000 ක ගැහිල්ලකි. මිලියන 9 ක වැඩේට මිලියන 177 ක් අනුමත කරවාගෙන ගැහූ, හෙණ ගහන ගැහිල්ලකි.

දූෂන චෝදනාව සැකැවින් මෙසේය:
ධීවර සහ ජලජ සම්පත් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රවර්ධන කිරීමේ හා අධීක්ෂණය කිරීමේ ඒකකය (PIMU) නමින් ඒකකයක් තිබේ. එම ඒකකය මගින් සිලාවතුර (මන්නාරම් දිස්ත්‍රික්කය) ගුරුනගර් (යාපනය දිස්ත්‍රික්කය) සහ ගන්දර (මාතර දිස්ත්‍රික්කය) යන ප්‍රදේශ වල ධීවර වරායන්හි පහසුකම් අධ්‍යයනය සහ මූලික සැලසුම් කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කෙළේය.

මෙකී ව්‍යාපෘතිය ඉටු කිරීමට බාර දුන්නේ ‘පවර් ඒෂියා‘ (Power Asia) නමැති සමාගමකට ය. ‘පවර් ඒෂියා‘ සමාගම ඒ සඳහා අය විය යුතු මුදල ලෙස දැක්වූයේ රුපියල් මිලියන 177 කි. එසේ වී නමුත් මෙවැනි අධ්‍යයන කටයුත්තක් සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට දිවයිනේ දැනට ස්ථාපිත කීර්තිමත්ම ආයතනයක් වුව අය කරන්නේ රු.මිලියන 9 කටත් අඩු මුදලකි. ඒ අනුව ධීවර සහ ජලජ සම්පත් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රවර්ධන කිරීමේ හා අධීක්ෂණය කිරීමේ ඒකකය විසින් මෙකී ව්‍යාපෘතිය ඉටු කිරීමට ගෙවන ලද මුදල සාමාන්‍යයට වඩා සියයට 2000 කින් වැඩි මුදලකි. මෙය පැහැදිලිවම මහජන මුදල් සාවද්‍ය පරිහරණයකි. දූෂනයකි. හෙණ ගහන ගැහිල්ලකි.

මෙහි අපූරුව නම් ඉහත කී ධීවර අමාත්‍යාංශයේ ඒකකය මෙම ව්‍යාපෘතිය පවර් ඒෂියා වෙත බාර දීමට තීන්දු කරන කාලය මසකටත් අඩු කාලයක් වීමය. ‘පවර් ඒෂියා‘ සමාගමේ කෙටි කාලීන ව්‍යාපාරික ඉතිහාසය තුල මෙවැනි වටිනාකම් සහිත එකදු කාර්යයක් හෝ ඊට පෙර සිදුකර නොමැති අතර එම ආයතනය සතුව මෙවැනි ඉංජිනේරු අධ්‍යයනයක් සඳහා පළපුරුද්දක් හෝ පෙර අත්දැකීම්ද නැත.

නමුත් මෙම ව්‍යාපෘතිය ‘පවර් ඒෂියා‘ සමාගමටම දිය යුතුයැයි කියා බල කරමින් මැදිහත් වූයේ ධීවර අමාත්‍යාංශයේ අභ්‍යන්තර සැපයුම් විශේෂඥයෙක් වූ ලක්ෂ්මන් රත්නායක නමැත්තෙකි. ඔහු එවක ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාගේ අතිජාත ගජයෙකු වූයේ මන්දැයි නොදනිමු.

මෙම මුදල අනුමත කිරීමත් සමග කඩිනමින්ම මුළු මුදල වූ රු.මිලියන 177 න් රු.මිලියන 46 ක් අදාල ‘පවර් ඒෂියා‘ සමාගම වෙත ගෙවා තිබේ. ඉතිරි මුදල කඩා ගැනීමට පෙර ආණ්ඩු මාරුව සිදුව ඇත.

රජයේ භාණ්ඩාගාරයෙන් මෙම මුදල් අනුමත වීමට පෙර මූලික ගෙවීම් පවා කරන ලද නිසා කළමැටිය බේරුවල ප්‍රදේශයන්හි ඒ වන විට පවත්වාගෙන ගිය ධීවර වරාය ව්‍යාපෘතීන්ට මුදල් හිඟවී ඒවා අකර්මන්‍ය ද විය.

මෙකී ‘පවර් ඒෂියා‘ ආයතනය විසින් සිලාවතුර, ගුරුනගර්, ගන්දර ධීවර වරායන් ගොඩ නැගීමට යන වියදම් ලෙස දක්වා තිබූ ගණන් හිලව්ද පුදුම එළවන සුළුය. ඔවුන් දක්වා තිබුනේ එක් ධීවර වරායක් සඳහා රු.මිලියන 6000 ක් ලෙස තුනට රු.මිලියන 18,000 ක් වියදම් වන බවකි.  නමුත් දැනටමත් ස්ථාපනය කෙරෙමින් පවතින කැළණිය ධීවර වරාය සඳහා වැයවන මුදල රු. මිලියන 900 කි. ඒ අනුව පවර් එ්ෂියා හුවා දක්වන ගණන් සියයට 700 ක් වැඩි මුදලකි.

මෙම දූෂනය සම්බන්ධයෙන් FCID ය වෙත පැමිණිලි කරන ලද නමුත් අද දක්වා ඒවා විභාගයට ගෙන නැත. කිසියම් දේශපාලන බලධාරියෙක් මෙය යට ගන්න යැයි බලපෑම් කරනවා විය හැකි වුවද පසුගිය සිකුරාදා නීතිය හා සාමය පිලිබඳ ඇමැති සාගල රත්නායක මහතා FCID යේ සහ CID යේ ලොක්කන් කැඳවා නියෝග කෙළේ දැනට ලැබී තිබෙන කිසිදු පැමිණිල්ලක් ගැන පරීක්ෂණ පැවැත්වීම් නතර නොකරන ලෙසය. කිසිදු ෆයිලයක් කවුරු කීවත් වසා නොදමන ලෙසය.

ඒ අනුව ඉහත කී බරපතල දූෂනය ගැන පරීක්ෂණ පවත්වා සායම බේරා ගැනීම යහපාලන ආණ්ඩුවේත් එහි සෞඛ්‍ය ඇමැති රාජිත ඇමැතිවරයාගේත් දේශපාලන සෞඛ්‍යයට හිතකරය.
Posted in: | Posted by :

ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ අතකොළුව අන්තරය විසින් ආයුර්වේද සිසුන්ට දෙන අමානුෂික නවක වධය ගැන හද කකියවන පාපෝච්චාරණයක්..!

මත්ද්‍රව්‍ය සහිත බීමදීම, කන බත් පතට වැලි දැමීම, කෙළ මිශ්‍ර කෑම දීම, නිරුවතින් තැබීම, නිදාගන්න නොදීම

සිසුවියන්ට මත්ද්‍රව්‍ය මිශ්‍ර බීම බොන්න දීම, කන බත් පතට වැලි දැමීම, ජ්‍යේෂඨ සිසුන්ගේ කෙළ මිශ්‍ර කෑම කන්න දීම, නිරුවතින් තැබීම, නිදා ගන්න නොදීම ආදී අතිශය අමානුෂිත තිරිසන් නවක වධයක් සමාජවාදී කියා ගන්නා ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ අතකොළුවන් වූ අන්තරේ ජ්‍යෙෂ්ඨයන් විසින් ආයුර්වේද වෛද්‍ය නවක සිසුන්ට සිදුකරන බව හෙලිකරමින් සරසවි ආචාර්යවරුනට යැවූ හද කම්පා කරවන ලිපියක් මහජනතාව වෙත මෙසේ ඉදිරිපත් කරමු..  

නවක වධයට අකමැති පළමු වසර නවක සිසුන්,
දේශීය වෛද්‍ය විද්‍යායතනය,
කොළඹ විශ්ව විද්‍යාලය,
රාජගිරිය.
2016.06.09.

ගරු මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මැතිතුමා,
උපකුලපතිතුමා,
කොළඹ විශ්ව විද්‍යාලය.

ගරු උපකුලපතිතුමනි,

2014/2015 නවක කණ්ඩායම සඳහා දේශීය වෛද්‍ය විද්‍යායතනය තුල පැවති අමානුෂික නවක වධය පිළිබඳව දැනුවත් කිරීම සඳහා.

අප 2014/2015 අධ්‍යන වර්ෂය සඳහා 2016 වර්ෂයේදී දේශීය වෛද්‍ය විද්‍යායතනයට ඇතුලත් වූ නවක සිසුන් වන්නෙමු. අපගේ දුක්විදින දුප්පත් දෙමාපියන්ගේ බලාපොරොත්තු මුදුන්පත් කිරීමේ අරමුණින් දහසක් බාධක කම්කටොලු මැද උසස් පෙළ තරඟ විභාගය සමත් වුයේ අතිශය වෙහෙසක් දැරීමෙනි. එමෙන්ම විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීම අපගේ දෙමාපියන්ගේ මෙන්ම අපගේද ජීවිතයේ සිහිනයක් හැබෑ වුවා වැනිය. නමුත් විශ්ව විද්‍යාලය යනු මෙතරම් කටුක, පීඩාකාරී, කායිකව හා මානසිකව වධ වේදනා ලබාදෙන සාහසිකාගාරයක් බව දැනගත් විට අපහට ඇතිවුයේ අපමණ දුකක් හා බලාපොරොත්තු සුන් වීමකි. අප විඳි අමානුෂික නවක වධය ජ්‍යෙෂ්ඨ උත්තමයන් යැයි කියාගන්නා අමානුෂික නවක වධය ක්‍රියාත්මක කරන්නන් හදුන්වන්නේ “නවක නම්‍යකරණය” නමිනි.

අප විද්‍යායතනයට ඇතුළත් වූ දින සිට වර්තමානය දක්වා අප විඳි ඉතා අමානුෂික නවක වධයේ ස්වරූපය පිලිබඳ මදක් විස්තර මෙසේය.

“2016.02.15 වන දින අප නිල වශයෙන් දේශීය වෛද්‍ය විද්‍යායතනයට ඇතුලත් වූයෙමු. එදින ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් නිල නොවන රැස්වීමක් අපගේ දෙමාපියන් වෙත ආපන ශාලාවේදී පැවැත්වුහ. එහිදී ඔවුන් අපගේ දෙමාපියන් වෙත පවසා සිටියේ විශ්ව විද්‍යාල පරිසරය, විශ්ව විද්‍යාල අවට කොළඹ පරිසරය හා කොළඹ ජනයාගේ සමාජ ඇවතුම් පැවතුම් වලට හුරු කිරීමට නවක නම්‍යකරණය නමින් වැඩසටහනක් දේශීය වෛද්‍ය විද්‍යායතන පරිපාලනයේ අනුග්‍රහය හා සම්පුර්ණ අවසරය මත නවක සිසුන් වන අප යොදා ගනිමින් පවත්වන බවයි.

එසේම මෙම නම්‍යකරණය අවසානයේ කලා උළෙලක් පවත්වන බවත් එසේම නවක වධයේ යම් යම් අකටයුතු ක්‍රියා කාලා උළෙලට සුදානම් වීමක් ලෙස පවත්වා ගනු ලබන බවත් ඔවුන්ගේ වචනයෙන්ම ප්‍රකාශ කළහ.

ඊට පසුදින සිට සාමාන්‍ය පරිදි දේශණ පෙ.ව 8.00 ට ආරම්භ කලද අප සියලු දෙනාම පෙ.ව 7.00 වන විට ආපන ශාලාවට පැමිණ තිබීම අනිවාර්යය බව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යවන් අපහට පැවසුහ. මෙලෙස ඊට පසු දින සිටම “නවක නම්‍යකරණය” යනු අකුරු වචන පමණක් වෙනස් වූ “අමානුෂික නවක වධය” ම බව අපහට පසක් කරමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට කායිකව හා මානසිකව වධ වේදනා ගෙන දෙන ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් යැයි ඔවුන් විසින්ම හදුන්වාගනු ලබන පිරිසට සැණකෙළියක් වූ අමානුෂික නවක වධය ආරම්භ විය.

අපගේ කණ්ඩායමේ නවක සිසුවෙකු හෝ සිසුවියක් යම් හෙයකින් පෙ.ව 7.00 පසු වී ආපන ශාලවට පැමිණියහොත් සිදුවන්නේ සියලු දෙනා ඉදිරිපිට ඉතා උස්හඩින් අසභ්‍ය වචනයෙන් බැනුම් ඇසීමට, දඩුවම් විඳීමට හෝ ගුටි කෑමටයි.

දේශීය වෛද්‍ය විද්‍යායතනය තුල ක්‍රියාත්මක වන නවක වධයේ ස්වභාවය කෙටියෙන්.

භෝජනාගාරය තුල නවක වධය,
දවසේ දේශණ පෙ.ව 8.00 ට ආරම්භ වුවද තමන් උදැසන ආහාර ගත්තද නොගත්තද සියලුම නවක සිසු සිසුවියන් පෙ.ව 7.00 ට පළමු වසර දේශණ ශාලාවට යාමට පෙර භෝජනාගාරයට පැමිණිය යුතුමය. ආයතනයේ වෙනත් ස්ථානවල ආහාර ගැනීම  ජ්‍යෙෂ්ඨයන් විසින් තහනම් කර ඇත. එලෙස නොපැමිනෙන්නන් හට විවධ දඬුවම් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබාදේ
භෝජනාගාරය තුලදී නවක සිසු සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදීම
භෝජනාගාරය තුලදී නවක සිසු සිසුවියන්ට අසභ්‍ය කවි හා කතා පාඩම් කරවීම
අසභ්‍ය කවි කතා පාඩම් නැති නවක සිසු සිසුවියන්ට මනෝ පුටුව, දණ ගැස්වීම හා බිම දිගේ බඩ ගෑමට සැලැස්වීම වැනි දඬුවම් ලබා දීම
භෝජනාගාරය තුලදී උදේ සහ දවල් ආහාරයන්ට විවිධ දෑ මිශ්‍ර කර (උදා :- බත් පතට පැණි බීම වර්ග, වැලි  මිශ්‍ර කිරීම) බලෙන් ආහාරයට ගැනීමට සැලැස්වීම
භෝජනාගාරය තුලදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ආහාරයට ගෙන ඉවතලන (සූප්පු කරන ලද) ඛේටය මිශ්‍ර වූ ආහාර කොටස් නවක සිසු සිසුවියන් සියලු දෙනාටම මුව තුලට ගෙන එකී නෙකාගේ කටින් කට හුවමාරු කිරීමට සැලැස්වීම (උදා:- මාළු කටු, මුරුංගා පොතු වැනි ඉවතලන ආහාර කොටස්)
ඉහත දෑ කිරීමට අකමැති  වන සිසු සිසුවියන්ට භෝජනාගාරය තුලදීම පහර දීම
ඉහත සඳහන් සිදුවීම් සිදු වන අවස්ථා වලදී පරිපාලනයට සම්බන්ධ කිසිදු ආචාර්යයවරයෙක් සිසුන්ගෙන් කොපමණ පැමිණිලි තිබුනද භෝජනාගාරයට ගොස් සොයා නොබලයි.

දේශණ ශාලාව තුල නවක වධය,
දේශණ සඳහා නවක සිසු සිසුවියන් සහභාගී වීම ප්‍රමාද කරවීම.
ආචාර්යයවරුන් විසින් දේශණ නැවත්වීමට ප්‍රථම නවක සිසුන් දේශණ ශාලා වලින් ඉවතට ගැනීම.
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් නවක සිසු සිසුවියන්ගේ නියෝජිතයාට පණිවිඩයක් එවනු ලබන ඕනෑම අවස්ථාවක නවක සිසු සිසුවියන් දේශණ පැවැත්වෙන මොහොතක වුවද ඉවතට පැමිණිය යුතුයි.
ආචාර්යයවරුන්ගේ දේශණ වලට විවිධ බාධා සිදු කිරීමට නවක සිසුන් පෙලැඹවීම.
ආචාර්යයවරුන් සමඟ පෞද්ගලිකව නවක සිසුන්ට කතා කිරීම තහනම් කිරීම.
ඉංග්‍රීසි භාවිතය සපුරා තහනම් කිරීම
පුස්තකාල හා පරිගණකාගාර භාවිතය තහනම් කිරීම

නේවාසිකාගාර තුල නවක වධය
රාජගිරියේ දේශීය වෛද්‍ය විද්‍යායතනය අසල පදිංචි වී සිටියද සියලුම සිසු සිසුවියන්ට නේවාසිකාගාරයේ ලියාපදිංචියකින් තොරව නේවාසිකව සිටීම අනිවාර්ය වේ. නවක වධය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් විසින් මෙය ක්‍රියාත්මක කරයි.
නේවාසිකාගාර සඳහා රජයේ නියමිත ගාස්තු නොගෙවන ලෙස සිසුන්ට බල කිරීම.
උදැසන 5.00 ට අවදි කර පසුදා උදෑසන 2.00 වන තෙක් නිදාගැනීමට අවසර නොදීම (සියලුම නවක සිසුන්ට නිදා ගැනීමට ලැබෙන්නේ දිනකට පැය 3 ක් පමණි).
දේශණ අවසන් වී පැමිණි පසු සියලු සිසුන් නිර්වස්ත්‍ර කොට විවිධ මානසික, කායික හා ලිංගික හිංසනයන් ලබාදීම.
නින්දට යන තෙක් කිසිදු නවක ශිෂ්‍යයෙකුට ඇඳුම් ඇඳීම සපුරා තහනම් වේ.
සාමාන්‍යයෙන් මාස 6 ක කාලයක් පැවැත්වෙන නවක වධය පුරා සිසු සිසුවියන්ට ඉගෙනීම් වැඩකටයුතු කරගෙන යාමට හා පාඩම් කිරීම තහනම් කිරීම.
නවක සිසුන් මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය සඳහා පුරුදු පුහුණු කිරීම.
කාන්තා නේවාසිකාගාරය තුලදී ද නවක සිසුවියන්ට මත්ද්‍රව්‍ය මිශ්‍රිත විවිධ පාන වර්ග බීමට ලබා දෙයි.

එසේම රෝගී අයෙකු වී නම් ඔවුන්ගේ රෝගී තත්ත්වය වෛද්‍ය වාර්තා මගින් පෙන්වා නවක වධයේදී යම් සහනයක් ආයාචනා කළද ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් යැයි ඔවුන් විසින්ම හඳුන්වාගනු ලබන පිරිස ඒ කිසිදු නවක සිසුවෙකු හෝ සිසුවියක් පිළිබඳව තැකීමක් සිදු  නොකරයි. එමෙන්ම ඔවුන් ඉතා අමානුෂික අන්දමින් අනෙක් සාමාන්‍ය සිසු සිසුවියන්ට මෙන්ම රෝගී සිසු සිසුවියන්ට ද අමානුෂික නවක වධය ලබා දේ. සාමාන්‍යයෙන් නවක වධය හේතු කොට ගෙන අපගේ කණ්ඩායමේ සිසු සිසුවියන් 30 කට අධික පිරිසක් විද්‍යායතන ප්‍රථමාධාර කාමරයේ ප්‍රතිකාර ලබන අතර බොහොමයක් සිසුන්ගේ නිදන් ගත රෝග තත්වයන් උත්සන්න වීම, නිසිලෙස ආහාර නොගැනීම හා අධික මානසික පීඩනය නිසා “ගැස්ට්‍රයිටිස්’ වැනි රෝග, අධික උණ, ක්ලාන්තවීම්, සිහිමුර්ජාවීම් හා හිසරදයන් වැනි විවිධ රෝගී තත්වයන්ට සිසුන් ගොදුරු වී තිබුණි.

එමෙන්ම කණගාටුවට කරුණ හා මේ පිළිබඳව විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ ඉහල නිලධාරීන් දැනුවත් කිරීමට හෝ මෙපමණ කලක් ගත වුයේ පළමු අවස්ථා වලදීම දේශීය වෛද්‍ය විද්‍යාතන පරිපාලනය නවක වධය පිළිබඳව දැනුවත් කළද අධ්‍යක්ෂකතුමිය ප්‍රමුඛ පරිපාලනයට සම්බන්ධ සමහරක් ආචාර්යය වරුන් ඒ පැමිණිලි මත ක්‍රියාත්මක වීම හෝ ඔවුන් හොඳින්ම දන්නා (නොදන්නවා සේ සිටින) නවක වධය නැවත්වීම වෙනුවට නවක වධය පිළිබඳව පැමිණිලි කළ කණ්ඩායමේ සිසු සිසුවියන්ගේ නම්, ගම් හා විස්තර අමානුෂික නවක වධය ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් යැයි ඔවුන් විසින්ම හඳුන්වාගනු ලබන පිරිසට ලබා දීමයි. එම නිසා අපගේ සමහරක් සිසු සිසුවියන්ට පහර කෑමට සිදු විය. මේ හේතුව නිසා අප මේ වන තෙක් සිතා සිටියේ අපගේ විද්‍යායතන පරිපාලනය මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ නිලධාරීන් සියලුම දෙනා මෙම අමානුෂික නවක වධයට සහයෝගය දක්වන බව හා ඒ පිළිබඳව පැමිණිලි කිරීම තුලින් තව තවත් අමානුෂික ලෙස වධ වේදනා විඳීමට සිදු වන බවත්ය.

දේශීය වෛද්‍ය විද්‍යායතනයේ නවක වධය පළමු වසරින් අවසන් නොවේ. නවක වධයට ලක්වීමට අකමැති වීම නිසා මෙන්ම නවක වධය නවක සිසු සිසුවියන්ට ලබා දීමට අකමැති වීම නිසා නවක වධයට අකමැති අපගේ ජ්‍යෙෂ්ඨ සිසුන් අහිමි කරගත්, සෙසු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විඳින වරප්‍රසාද මෙසේය.

විශ්ව විද්‍යාලය තුල නිදහසේ සැරිසැරීම තහනම් -  (නිදහසේ ගමන් කළ හෙයින් අප හට මැර තර්ජන විදීමට හා පහර කෑමට ලක්වූ අවස්ථා බොහෝය)
ආයතනයේ ආපනශාලාව භාවිතය හෝ එයට ඇතුළු වීම තහනම්
වැසිකිලි භාවිතයේදී ද විවිධ තර්ජනයන්ට මුහුණ පාන්නට සිදු වේ
විශ්ව විද්‍යාලයෙන් පිටතදී පහර කෑම් හා තර්ජණයන්ට මුහුණ පෑමට සිදු වීම
නේවාසිකාගාර වලින් ශිෂ්‍යයින් පහර දී පන්නා දැමීම (අද වන විටත් නවක වධයට අකමැති කිසිදු සිසුවෙකුට නේවාසිකාගාර පහසුකම් නොමැත)

දේශීය වෛද්‍ය විද්‍යායතනය තුල හා නේවාසිකාගාරය තුලදී අපහට නවක වධය ලබාදුන් ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් යැයි ඔවුන් විසින්ම හඳුන්වාගනු ලබන සමහරක් දෙනාගේ නම් ගම් හඳුනා ගැනීමට අපට හැකි විය. අප විසින් හඳුනා ගන්නා ලද ඔවුන්ගේ නම් පහත සඳහන් වේ,

ක්‍රිෂාන් සංඛනාද්
මධුර සුභාෂණ
චාමර යාපා
මියුරු සඳකැලුම්
අසංකා මායාදුන්න
චාමර උදයංග (ගජන්)
ගුණරත්න (හම්බාවා)
ප්‍රබෝද් මිහිරාන්
ඉන්දික කුමාර
සෙව්වන්දි

මෙම ලිපිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක තුමියට යොමු නොකොට ඔබතුමා වෙත සෘජුවම යොමු කරන්නේ,

අධ්‍යක්ෂක තුමිය පිළිබඳව අප තුල කිසිදු විශ්වාසයක් නොමැති නිසා හා අපහට සිදු වූ පහර දීම් පිළිබඳව කල පැමිණිලි පිළිබඳව මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන අපගේ පැමිණිලි යට ගැසීම පමණක් සිදු කරන බැවිනි. එමනිසා අප ආයතනය බාර ප්‍රධානියා මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා වන ඔබතුමා හට අප ආයතනයේ ඕනෑම පරිපාලන නිලධාරියෙකු, අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හා ශිෂ්‍යයෙකු පිළිබඳව විනය පරීක්ෂණ පැවැත්වීමටත්, දඬුවම් පැනවීමටත්, ශිෂ්‍ය භාවය අහෝසි කිරීමටත්, නවක වදය තුරන් කිරීමටත් අවශ්‍ය බලය හා අවශ්‍ය නීතිමය වටපිටාව ඇති බැවින් අප විසින් මුහුණ පානු ලබන කණගාටු දායක තත්වය මෙසේ ඉදිරිපත් කිරීමට තීරණය කළෙමු.

ගරු උපකුලපති තුමණි අපහට අමානුෂික නවක වධය ලබාදුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙසත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටින අතර, අප ඕනෑම අවස්ථාවක හා ඕනෑම ස්ථානයක (අධිකරණයක, පොලිසියක හා පරීක්ෂණ මණ්ඩලයක් තුල) දේශීය වෛද්‍ය විද්‍යායතනයතුල පවතින නවක වදය පිළිබඳව හා එහි සැබෑ තත්වය රටට හෙළිකිරීමට අවශ්‍ය සාක්ෂි දීමට සුදානම් බවද ඔබතුමාට ගෞරවයෙන් යුතුව දන්වා සිටිමු.

ස්තුතියි!.

මෙයට විශ්වාසී,

භාෂිත ගුණවර්ධන
ශානක සත්සර

පිටපත් :- ආචාර්යය රංගික හල්වතුර මැතිතුමා, සභාපති, විශ්ව විද්‍යාල ආචාර්යයවරුන්ගේ සමිති සම්මේලනය, කර්තෘතුමා, ලංකා ඊ නිව්ස් 


නැවත මෙවැනි ඉතා කණගාටුදායක තත්ත්ව ඇතිවීමට ඉඩ නොතබමින්, අහිංසක ශිෂ්‍ය ජීවිත මරණීය ඛේදවාචකයකින් අවසන් වීමට පෙර, මේ පිලිබඳ කඩිනම් ක්‍රියාත්මක වී දේශීය වෛද්‍ය විද්‍යායතනය තුල නවක වධය තුරන් කර සමස්ත සිසු සිසුවියන්ගේ ආරක්ෂාව තහවුරු කරන මෙන් හා අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට ඔබතුමා හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හැකි අයුරින් මැදිහත් වන මෙන් ඔබ තුමාගෙන් කාරුණිකව හා ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.
Posted in: | Posted by :