ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නයි නළඟන ඊයේ මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු ඉදිරිපත් කරයි


සෞදි අරාබි ජාතිකයකුගේ පහර දීමකට ලක්ව දැනට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන නිරෝෂා විමලරත්න නොහොත් නයි නළඟන ඊයේ මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ බව රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසීය.
ඇයගේ අමුතු හැසිරීම නිසා ඇයව තව දින කිහිපයක් ප‍්‍රතිකාර සඳහා තබා ගැනීමටද කටයුතු කරන බවද එහෙත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවද එම රෝහල් ප‍්‍රකාශකයා පැවසීය.
එසේම ඇය තමා පිළිබඳව පෞද්ගලික තොරතුරු ලබාදීමට මැලිකමක් දක්වන බවද ඇය පවසන දේ විටින් විට වෙනස් කරන බවද මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
මේ සිද්ධිය පිළිබඳව ඇයගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමේදී පවා ඇය පොලිසියට පවසා
තිබුණේ මේ පහරදීම පිළිබඳ පමණක් බවද එම පොලිස් නිලධාරියා පැවසීය.
මෙම පහරදීම සිදුකළ සෞදි අරාබි ජාතික සුල්තාන්වරයෙකු වන අබ්දුල් අල් සාරිස් නමැත්තා මේ වනවිට ඔවුන් පදිංචිව සිටි මීතොටමුල්ලේ දෙමහල් නිවසද හැර දමා පලා ගොස් ඇති බවද ඇයගේ නයින් දෙදෙනා පිළබිඳ කිසිදු තොරතුරුක් නොමැති බවද පොලිසිය සඳහන් කරයි.

Posted in:

1 comment:

  1. peraaathma... devathavo gana kiyawana serama mole tikak crack wechcha aya bawa hamoma dannawa....:P

    ReplyDelete