ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

යුද්ධය පැවැති කාලෙ ආරක්ෂක වියදම රුපියල් බිලියන 200 යි දැන් රුපියල් බිලියන 250 යි


රටේ ජනතාවට එදාවේල කන්න විදිහක් නැතුව ඉන්නේ. මේ රාජපක්ෂ සහෝදර කල්ලියට කාල වැඩිවෙලා. තෙල් තිබුණට මේ රටේ ජනතාවට නම් හිඳෙන්න තෙලක් ඉතුරු වෙලා නෑ.
ජනතාවගේ තෙල් හින්දන්න කියලා කොළඹ තිබුණු කුඹුරු අක්කර දෙසීයක් විතර කුඹුරු යායකින් අක්කර පනහක් විතර ගොඩ කරලා පිඩලි අල්ලලා ඇවිදන් යන්න කියලා.
රටේ මේ තරම් ප‍්‍රශ්න තියෙද්දි මේ අය කරන්නේ මහා විකාර වැඩ. දිවිනැගුම පනත් කෙටුම්පත ගෙනල්ලා බිලියන අසූවක් (80) අහිංසක සමෘද්ධිලාභීන්ගේ මුදල් ටික ගසාකන්න මේ සහෝදර කල්ලිය කටයුතු කරමින් සිටින්නේ යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගාල්ලේ දී පැවැසීය.
සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේ ගාල්ල ප‍්‍රදේශයේ ජන හමුවකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසුවේය,
‘මිලියන විස්සක් වූ ජනතාවක් දුක් විඳිනවා. රටේ නීතියක් නෑ.
විනයක් නැති මැති ඇමැති පුතුන්ට එක නීතියක්. සාමාන්‍ය ජනතාවට තව නීතියක්. අද සියල්ල කඩා වැටෙමින් තිබෙන මොහොතක් තමයි ගෙවී යන්නේ.
ඒ විතරක් නොවේ යුද්ධය පැවැති කාලෙ ආරක්ෂක අමාත්‍යංශයේ වියදම රුපියල් බිලියන 200 යි. දැන් යුද්ධය ඉවරවෙලා තියෙන මේ කාලෙ වියදම රුපියල් බිලියන 250 යි. මේක ද ආශ්චර්යය කියලා අපි අහනවා.
රටේ හැම තැන ම ළමා අපචාර, ස්ත‍්‍රී දුෂණ වැඩි වෙලා. මේ රටේ සියල්ල සිදුකරන්නේ රාජපක්ෂ සහෝදර පාලනයට  ඕන විදියට. ජාතික රගර් කණ්ඩායමේ නායකත්වයට පුතා පත්කරලා. ඉතිහාසයේ පළමු වතාවට නීතිඥ විභාගයේ ලකුණු 99 ක් අරගෙන අනිත් පුතා වාර්තාවක් තියලා.
තව අයෙක් ලැබ්බෝගිනි කාර් පදිනවා. ඒ විතරක් නොවේ හම්බන්තොට පැත්තේ හොරපොල් කැඩූ අයෙක්ගේ පුතෙකුත් රුපියල් මිලියන සීයේ දෙසීයේ ලැම්බෝගිනි කාර් පදිනවා. කොහෙන් ද මේ අයට මෙච්චර සල්ලි ලැබුණේ කියන ප‍්‍රශ්නය මේ රටේ ජනතාවට තියෙනවා. මේක ද මහින්ද චින්තනය කියලා කියන්නේ. මම මේකට කියන්නේ මන්ද චින්තනය කියලයි. රටට ලෝකෙට ආසියාවේ ආශ්චර්ය පෙන්වන්නේ මේවා කරල ද?’

Posted in:

1 comment: