ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දොරමඩලාවේ මහාචාර්ය වලිය - නලින් ද සිල්වා කාලෝ ෆොන්සේකාට ප‍්‍රසිද්ධියේ ‘නිවටයා’ කියලා


පෙරේදා රාත‍්‍රී ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දොරමඩලාව සජීවී වැඩසටහනේ ආරාධිත කථිකයෙකු ලෙස එක්වූ මහාචාර්ය නලින් ද සිල්වා මහාචාර්ය කාලෝ ෆෝන්සේකාට සහ වැඩසටහන මෙහෙයවන හසන්තට ප‍්‍රසිද්ධියේ බැණ වැදීම නිසා හටගත්තේ අලකලංචියකි.
මෙම බහින්බස්වීමට හේතු වූයේ මහාචාර්ය නලින් ද සිල්වා එම වැඩසටහනේදී ‘බටහිර විද්‍යාව සම්පූර්ණයෙන් අසත්‍යයක්’ යනුවෙන් සිද්ධ කළ ප‍්‍රකාශයකි. එම අදහස විවේචනයට ලක් කළ හසන්ත ‘ඔබ ඉගෙන ගත්තෙත් ඒ විද්‍යාවම නේදැයි’ ඇසීම නිසා නලින්ගේ කෝපය මුලින්ම මතුවූ අතර අවසාන භාගයේ ඔහුට වැඩසටහනේ වේලාවක් නොදී තැබීම නිසා එම කෝපය තවත් වැඩි වුණා.
වැඩසටහන අවසන් කරන්නට මිනිත්තු කිහිපයක් තිබියදී කාලෝ නලින්ට
කියා සිටියේ ‘ඔබ තුමා කියපු ඒවයේ ඇත්තත් තියනවා. අලූත් ඒවත් තියනව.. මට තේරෙන්නේ ඇත්ත ඒව අලූත් නෑ..අලූත් ඒව ඇත්ත නෑ..’ ලෙසිනි. එයට පිළිතුරු දුන් මහාචාර්ය නලින් ද සිල්වා කෝපයෙන් ගුගුරමින් කියා සිටියේ ‘ඒ කියන්නේ මං කියපු ඒවා ඇත්ත නෑ කියලනෙ..මේ වගේ නිවට විදියට ප‍්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්නම් ඇයි අපට ඉඩ දෙන් නැත්තෙ..’ ලෙසිනි.
ටිකකින් වැඩසටහන නිමවූ අතර නාමාවලිය යන අතරේ තිරයේ දිස්වූයේ නලින් කාලෝට හිටගෙන බණින ආකාරයයි.

Posted in:

3 comments:

  1. නලින් සර් ආපු තැනක වලියක් නැත්නම් ඒක කොම්ප්ලීට් නෑ!

    ReplyDelete
  2. kochchara igana gaththath sabaahawahawaka hasirenna dannathi eka wasikiliyaka rennawath dannawada dane na

    ReplyDelete
  3. හසන්ත මහත්තයෝ මෙන්න බලන්න ආශ්චර්ය පෙරී පෙරී ගලන හැටි ....

    ReplyDelete