ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

වැන්දඹු දික්කසාද මනාලියන් සොයා මංගල යෝජනා දමන මිනීමරුවා


ප‍්‍රියන්ත විවාහක එක්දරු පියෙකි. ඔහුට වයස අවුරුදු එකහමාරක දියණියක්ද සිටී. ප‍්‍රියන්ත මේ වන විටත් එම විවාහයෙන් වෙන්ව සිටියද සිය දරුවා සමග ඇයි හොඳයිකම් පවත්වයි. කාන්තාවන් ඇසුරු කිරීම ප‍්‍රියන්තගේ එකම විනෝදාංශය වෙයි. පුවත්පත්වල පළවන මංගල දැන්වීම් ඔස්සේ කාන්තාවන් රවටාගැනීම ඔහුගේ උපක‍්‍රමයයි.
වැන්දඹු හෝ දික්කසාද කාන්තාවන් වුවද ඔහු සලකා බලයි. තමා වතු හිමි ව්‍යාපාරිකයකු බවත් විවාහවීමට සුදුසු තරුණියක් සොයන බව දන්වා පුවත්පත්වලට මංගල දැන්වීම් යොමු කරයි.
ඔහුගේ මෙම සෙල්ලම අවසන් වූයේ අග්බෝපුර කාන්තාවක් විසින් ඔහු කවුදැයි හඳුනාගෙන ඔහු ගැන සැක සිතී මේ බව කන්තලේ පොලිසියට දැනුම්දීමෙන් පසුවයි. කන්තලේ පොලිසිය සැකකාර ප‍්‍රියන්ත පිළිබඳ විස්තර
සෙවුයේ ඉන් අනතුරුවය.
ඔහු ඒ වන විටත් අග්බෝපුර පදිංචි එම තරුණිය සමග විවාහ වීමට මාන බලමින් සිට ඇත. උපාධිධාරී තරුණියක් වූ ඇය සමÛ පේ‍්‍රම සබඳතාවක් ඇති කරගත් ප‍්‍රියන්ත ළ`ගදීම ඇය කැඳවාගෙන මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ අලූතෙන් මිලදී ගත් නිවෙසකට පැමි”මටද බලාපොරොත්තුවෙන් සිට ඇතැයි පොලිසිය කියයි.
ප‍්‍රියන්ත පොලිස් අත්අඩංගුවට පත්වනුයේ ඉන් අනතුරුවය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමෙන් පසු පුවත්පත් දැන්වීම් ඔස්සේ යමින් නොයෙකුත් තරුණියන් හා සබඳකම් පවත්වමින් ඔවුන් සතු දේපළ කොල්ලකමින් ගත කළ සෙල්ලක්කාර ජීවිතය අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. මෙලෙස විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇය හා සබඳකම් පවත්වා අවසානයේ ඇගේ ගෙල මිරිකා මරා දැමීමේ සිදුවීමක්ද ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී සොයා ගැනීමට කන්තලේ පොලිසියට හැකිවී ඇත.
පොලිසිය පවසන අන්දමට ඇය ඝාතනයට ලක්කර ඇත්තේ මෙසේය.
ඇය රත්නපුර නිවිතිගල පදිංචිකාරියකි. යුද හමුදාවේ සේවය කළ අයෙකු ඇගේ සැමියා විය. ඒත් ඒ විවාහය එතරම් දුර දිග ගියේ නැත. දරුවෙකු ලැබීමෙන් පසු ඔවුන්ගේ විවාහයට නැවැතීමේ තිත තැබිණි.
දරුවාද සමග තනිවූ ඇය සුදුසු සහකරුවෙකු සොයමින් පුවත්පතකට දැන්වීමක් යොමු කළේ ඉන් පසුවය. මෙය දුටු පි‍්‍රයන්තගේ සිත පිනා ගියේය. ඔහු වහා එම දැන්වීමේ සඳහන් දුරකථන අංකයට කතා කළේය. තමාද වතු හිමි අයෙකු බවත් කැමතිනම් තමා විවාහ වීමට සූදානම් බවත් ඔහු ඇයට පැවසුවේය.
මම ඉන්නේ දෙයියන්දර... ඒත් දැනට ඉන්නේ ඇඹිලිපිටියේ...ඔයාට පුළුවන්නම් ලබන ඉරිදා රත්නපුරේට එන්න...”
ඔහු ඇයට ආරාධනාවක් කළේය. කි පරිදි ඇය රත්නපුරයට ආවාය. ඒ ඇගේ මව ද සමගය. ප‍්‍රියන්ත ඔවුන් ඉදිරියේ හැසිරුණේ ව්‍යාපාරිකයකු විලසින්ය. ඇය ද ඔහුගේ හැසිරීමට වශී වුවාය. ප‍්‍රියන්ත එදා පටන් ඒ ගෙදර යන්න එන්න පටන් ගත්තේ ඇගේ මෙන්ම ඇගේ මවගේ ද කැමැත්ත මතය. ප‍්‍රියන්ත ඒ වන විටත් විවාහකයෙක්ය.ඒත් විවාහය දෙදරා ගොසිනි.
අපිට තේ වත්තක් තියෙනවා...ඒක සින්න වෙන්නයි යන්නේ...”
බය වෙන්න එපා....මම බේරලා දෙන්නම්...”
ප‍්‍රියන්ත ඉදිරිපත් විය. තේ ඉඩම උගස් කොට තිබුණේ රුපියල් එක්ලක්ෂ තිස්දාහකටය.
මා ගාව රත්තරන් තියෙනවා...මගේ මාලයයි මුද්දයි බ්‍රේස්ලට් එකයි විකුණලා හරි ඉඩම බේරගනිමු...”
ඔහු ඇය ඉදිරියේ කියා සිටියේය. ප‍්‍රියන්ත කෙරෙහි ඇය ගේ සිත තුළ බැඳීම තව තවත් වැඩි විය. කී පරිදිම ප‍්‍රියන්ත ඉඩම බේරා දුන්නේය. එදා පටන් ප‍්‍රියන්තට ඇගේ ගෙදරට යන්න එන්නට තව තවත් ඉඩ ප‍්‍රස්ථාව හිමි විය. ඔහු කෙරෙහි ඇති විශ්වාසය නිසා තේ ඉඩම ඔහුගේ නමට ලියන්නටද ගෙදර අය කැමති වූහ.
මොකක්ද මේකෙ තේරුම... මිනිහෙක් ගෙදර යන එන කොට අහල පහළ අය මොනවද නොකියන්නේ... එක්කො කසාදයක් කර ගන්න  ඕන...නැත්නම්...”
ඇගේ සොහොයුරිය ඇය සමග ආරවුලක් ඇති කර ගත්තේ ඔය අතරය. මෙය ප‍්‍රියන්තගේ කනටද වැටිණි.
මට මෙතන තවත් ඉන්න බැහැ. අපි වෙන කොහේ හරි යමු...”

ප‍්‍රියන්තගේ කතාවට ඇයද කැමැත්ත දැක්වූවාය.
මගේ නමට තේ අක්කරයකුත් තියෙනවා. අපි ඒකත් විකුණමු...”
ඇය කීවාය. අවසානයේ ඇයගේ ඉඩම මෙන්ම තමාගේ නමට ලිව් ඉඩමද විකුණා රුපියල් ලක්ෂ 15 ක් ලබා ගන්නට ප‍්‍රියන්ත පියවර ගත්තේය. ඉන් රුපියල් ලක්ෂ 11 ක් දී කාරයක් මිලයට ගත් ඔවුන් හංවැල්ල ප‍්‍රදේශයේ පහත්ගම පදිංචියට ආවේ ඉන් අනතුරුවය.
කාලය මෙසේ ගෙවී ගියේය. ඇය සිය දරුවා ද සමග පහත්ගම නිවසේ පදිංචිව සිටියාය. ඒත් ප‍්‍රියන්තගේ සමහරක් හැසිරීම් ඇගේ සිතට මහත් වදයක් විය. අවසානයේ එය නතර වූයේ ආරවුලකින්ය. ඇය ප‍්‍රියන්තට ඇවිටිලි කළේ තමාව කසාද බැඳගන්නා ලෙස කියමින්ය.
මම කොහොමද දැන්ම එහෙම කරන්නේ... ඔයා දන්නවනේ මටත් ළමයෙක් ඉන්නවා කියලා...”
පි‍්‍රයන්ත කීවේය. ඇය ඔහුගේ පිළිතුරු හමුවේ නිහඬව නොසිටියාය. ආරවුල් දිග් ගැසිණි. එය තව තවත් උත්සන්න වූයේ කලින් කසාදයේ දරුවා ද රැුගෙන පි‍්‍රයන්ත පහත්ගම නිවෙසට පැමි”මෙන් පසුවය. උත්සන්න වූ ආරවුල් නිසා ප‍්‍රියන්තට ඇය ගැන ඇතිවූයේ කලකිරීමකි.
ඉවරයක් කරන්න  ඕනෑ”
ඔහු සිතුවේය. මෙසේ කල්පනා කරමින් යද්දි ඔහුට මිතුරෙකු හමු විණි. ඔහු ගරාජයක සේවය කරන බාස් කෙනෙකි. තම මුල්ම විවාහයේදී හඳුනාගත් ඔහු නැවත කලකින් හමුවීම ගැන සතුටට පත්වූ ප‍්‍රියන්ත තමා පත්වී ඇති අකරතැබ්බය ඔහුට කීවේය.
හරි... කරමු”
ඔහුද ඊට එකග විය.
ප‍්‍රියන්ත සිය මොටෝ රියෙන් බිරියද ඇගේ දරුවා ද තමාගේ දරුවා ද සමÛ බාස්ද රැුගෙන අනුරාධපුරයට යන්නේ ඇය ඉවරයක් කර දමන්නටය. ඒත් ඇය ඒ බවක් දැන සිටියේ නැත. වන්දනාවේ යෑමට යැයි කියමින් ඔවුන් රැුගෙන ගිය ප‍්‍රියන්තට එදා ඇය මරා දමන්නට ලැබුණේ නැත.
අවසානයේ හිස් අතින් එන ඔහුට තව අදහසක් පහළ වූයේය.
අපි කතරගම යමු”
ප‍්‍රියන්තගේ යෝජනාවට ඇයද කැමැති වූවාය. වාහනය හැරවූ ප‍්‍රියන්ත නුවරඑළිය, ගිනිගත්හේන, අවිස්සාවේල්ල, බළංගොඩ ප‍්‍රදේශය ඔස්සේ ඔවුන් රැුගෙන එන්නේ කතරගම බලා යන්නටය.
අතරමÛදී රිය නතර කරන ඔවුහු ගරාජයකට ගොස් දුනු කොළයක් මිලදී ගත්හ. එය බාස් අතට දුන් ඔහු ඉන් කළ යුතු දෑ බාස්ට කීවේය.
වාහනය යළි පණ ගැන්විණි. තිස්සමහාරාම ප‍්‍රදේශයට එද්දී හොඳටම ? බෝවී තිබුණේය.
මෙතන පොඞ්ඩක් නවත්තමු. මහන්සිත් ඇතිනේ...”
දෙබරවැව වැව ඉස්මත්තේ වාහනය නතර විය. ඇය ඉදිරිපස අසුනේ දරුවා ද සමÛය. පිටිපස අසුනේ සිටි බාස් රියෙන් බැස ගියේය. ප‍්‍රියන්තගේ දරුවා පිටුපස අසුනේ තද නින්දේය. පිටුපස අසුනට පැමිණි ප‍්‍රියන්ත නිදි කිරා වැටෙමින් සිටි ඇයගේ ගෙල වටා සරමක් ඔතා ඉන් ගෙල තද කරද්දී වාහනයෙන් බැස සිටි බාස් ද ඊට සහාය ලබාදී ඇත. ඉන් අනතුරුව දුණුකොළය යොදා ගනිමින් හාරන ලද වළකට ඇගේ සිරුර දැමූ ඔවුන් වළද හරි හැටි වසා නොදමා වාහනයේ නැග එතැනින් පලාගොස් තිබේ.
පසුව ආපසු කොළඹ බලා එමින් සිටියදී සුරියවැව ප‍්‍රදේශයේදී ඇගේ කුඩා දියණියගේ ගෙල මිරිකා කටු අකුලට විසි කර තිබිණි. ඇයගේ ජීවිතය බේරී ඇත්තේ හාස්කමකිනි. පාරේ හඬමින් සිටි දැරිය දුටු බස් රියක රියදුරෙකු ඇය කැඳවාගෙන ගොස් පොලිසියට බාරදී තිබේ.
පසුව ප‍්‍රියන්ත විසින් හිත මිතුරු බාස් ට තමාට සහාය දීම සඳහා පොරොන්දු වූ රුපියල් හතළිස් දහසින් තිස් දහසක්ම ඒ මොහොතේම ගෙවා තිබිණ.
ප‍්‍රියන්තගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකාර බාස් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව දෙබරවැව වැව ඉස්මත්තේ කැලෑබද පෙදෙසක මරා වළ දමා තිබූ ඇගේ සිරුර ගොඩගැනීමට පොලිසියට හැකි විය.

සැකකාර ප‍්‍රියන්ත කෝටිපති ව්‍යාපාරිකයකු ලෙසින් තරුණියන් රැුවටීමේ යෙදුණද ඔහු රියදුරෙකු බව පොලිසිය කීය. යමක්කමක් ඇති පවුල්වල සිටින කාන්තාවන් හා තරුණියන් ඔහුගේ දැලට කොටු කර ගන්නා බව පොලිසිය අවධාරණය කළේය.
උතුරුමැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ, ත‍්‍රිකුණාමල සහ කන්තලේ කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න, යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත කන්තලේ කොට්ඨාස බාර පොලිස් අධිකාරී නීල් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම මත කන්තලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක නිමල් බණ්ඩාර, විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති සමන් ගුණරත්න, පොලිස් පරීක්ෂක අජිත් පි‍්‍රයන්ත ඇතුළු නිලධාරීන් රැුසක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.
(පොලිස් පරීක්ෂණ අනුව ලිපිය සැකසිණි. ප‍්‍රියන්ත මනංකල්පිත නමකි*

වාර්තාව - කීර්ති මෙන්ඩිස්

Posted in:

1 comment:

  1. me wage ekek hitiyaa Uduwanage Don Sujeewa perera kiyala. Pora thamath me wade karagena yanawalu. Inne nugegoda paththe. Demawpiyo inne Polonnaruwe Jayanthipura

    ReplyDelete